මුලතිව් මුහුදේදී අතුරුදන්වූ තිදෙනාගේ මළ සිරුරු සොයාගැනේ

175

මුලතිව් මුහුදේදී දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු ඊයේ (6 දා) පොලිසිය මගින් සොයාගෙන ඇත.

වවුනියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් තිදෙනකු පෙරේදා (5 දා) මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබිණි.

ඒ අනුව ඊයේ (6 දා) උදෑසන එම තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුගේ මෘත ශරීර මෙලෙස සොයාගත් බව මුලතිව් පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයන් තිදෙනාගෙන් ෂිවලිංගම් අකිලන් නමැති 26 හැවිරිදි තරුණයාගේ මළ සිරුර පෙරේදා (5 දා) සොයාගෙන තිබුණු අතර අනෙක් තරුණයන් දෙදෙනා වූ මනෝහරන් අනුදස් (27) සහ විජයකුමාර් දර්ශන් (26) යන අයගේ මළ සිරුරු ඊයේ (6 දා) මෙලෙස සොයා ගැනිණි.

මුහුදේ දිය නෑමට ගොස් මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූ තරුණයන් තිදෙනා වවුනියාව මදවයත්තිකුලම හා තෝණිකල් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment