මුලතිව් රෝහල පිටුපස විශාල මෝටාර් බෝම්බයක්

197

මුලතිව් රෝහල පිටුපස තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටි අවස්ථාවේදී විශාල මෝටාර් බෝම්බයක් 28 දා හමු වී තිබේ.

අදාළ ඉදිකිරීම් කටයුතු භාර කොන්ත‍්‍රාත්කරුවන් ඒ පිළිබඳ මුලතිව් රෝහලේ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව එම නිලධාරීන් මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට සිද්ධිය පැමිණිලි කොට ඇත. පොලිස් නිලධාරීන් එම ජීව මෝටාර් උණ්ඩය ඔවුන් භාරයට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.
 
– දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment