මුලතිව් වන අලියා දෙවැනි මිනිස් බිල්ලත් ගනී

478


මුලතිව් කුලමුරිප්පු ප්‍රදේශයේ සැරි සරණ මිනීමරු වන අලියා ඊයේ සිය දෙවන මිනිස් බිල්ල ලෙස ප‍්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහර දී මරා දමා ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නැමති එස්.තිරුවනාව්කරුසු 69 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පා පැදියකින් ගමන් කරමින් සිටියදී මහා මාර්ගයට පැමිණ සිටි එම අලියා පහර දී පා පැදියටද අලාභහානි සිදු කොට තිබේ.
වන අලියා පහර දෙන අවස්ථාවේදී එම පුද්ගලයාගේ කෑකෝ ගැසීම ඇසී ගම්වාසීන් එම ස්ථානයට ගොස් වන අලියා පලවාහැර මුලතිව් ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු රෝහල් ගත කරන විටත් මියගොස් තිබේ.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලීසිය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි. පසුගිය සතියේද මෙම වන අලියා පහර දීම නිසා එක් ධීවරයකු මියගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment