මුලතිව් ශිෂ්‍යාවන් 6 දෙනකුට අතවර කළ ගුරුවරයා සොයා පරීක්ෂණ

630

ශිෂ්‍යාවන් හය දෙනකු ලිංගික අතවරවලට ගොදුරු කළ පාසල් ගුරුවරයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා පොලිසියට නියෝග කළේය.

මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් හය දෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන එම ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

නමුත් මෙම සිද්ධිය සිදු වූ දිනයේදීම අදාළ ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු මෙම ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදවාගෙන ඇත්තේ පාසල් පරිසරය තුළ ඔවුන්ට ප්‍රේම සබඳකම් ගොඩනගා ගැනීම සඳහා අනුබල හා උදව් උපකාර ලබා දීමෙන් පසුව බව හෙළි වී තිබේ.

මෙම ගුරුවරයාට එම කටයුතු සඳහා උදව් උපකාර කළ බව කියන සිසුවකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද නමුත් අධිකරණය ඔහුව පුද්ගල ඇප මත නිදහස් කොට තිබේ.

වහාම මෙම ගුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කීපයක්ම මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූ අතර පොලිසිය එම සැකකටයුතු ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment