මුල්ලිවයිකාල් වළෙන් ගොඩගත් බෝම්බ 220ක් පුපුරුවා හැරේ

220

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් යුද සමයේ දී භාවිතාකරන ලද බෝම්බ 220 ක් මුලතිව් මුල්ලිවයිකාල් ප‍්‍රදේශයේ එකම වළක වළලා තිබියදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් 6 දා ගොඩ ගෙන තිබේ.

මහජනයාගෙන් ලද තොරතුරකට අනුව මුලතිව් පොලිසිය මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහය මත එම බෝම්බ තොගය ගොඩ ගෙන තිබේ.

සොයාගත් බෝම්බ 220 ක ප‍්‍රමාණය පුපුරවා විනාශ කිරීමට තවත් අධිකරණ නියෝගයක් මුලතිව් පොලිසිය විසින් ලබාගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලවා එම බෝම්බ තොගය පුපුරවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment