මුල් එන්නත් දෙකේ ප‍්‍රතිශක්තිය අඩුවෙනවා: වැඩි පිරිසකට බූස්ටරේ දීමට රජය කඩිනම් පියර ගත යුතුයි – වෛද්‍ය නවීන් ද සොයිසා

124

කොවිඞ් මර්දනය වෙනුවෙන් මෙරට ජනතාවට ලබාදුන් මුල් එන්නත් මාත‍්‍රා දෙකේ ප‍්‍රතිශක්තිය ක‍්‍රමයෙන් හීන වීම නිසා මෙරට දෛනික කොවිඞ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් තෙවැනි මාත‍්‍රාව වන ‘බූස්ටර්’ එන්නත ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයකට ලබාදීමට රජය කඩිනම් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා* පැවසීය.

කොවිඞ් මර්දනයට ලබාදෙන තෙවැනි එන්නත් මාත‍්‍රාව වන ‘බූස්ටර්’ එන්නත මේ වන විට ලබාගෙන තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 30%ක් පමණයි. මේ වනවිට දෛනිකව කොවිඞ් ආසිදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබීම ඉහළ අගහක් ගැනීම දක්වා වර්ධනය විය හැකි බැවින්ද එන්නත්වල ප‍්‍රතිශක්තිය ක‍්‍රමයෙන් හීනවීම නිසාද මෙලෙස දෛනිකව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නිසා එන්නත පිළිබඳව මිථ්‍යා මතවලට හසුනොවී ‘බූස්ටර්’ එන්නත් මාත‍්‍රාව ලබා ගැනීමට ජනතාව පියවර ගත යුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment