මුල් කාර්තුවේ දී IMF හරි! – මහ බැංකුව කියයි

118

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සිදුකළ සාකච්ඡා සම්බන්ධව දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම මේ වසරේ (2023) මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙරදැක්ම මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

කෙටිකාලීන ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සමගාමීව, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා රජය විසින් ආරම්භ කරන ලද අතර, 2022 සැප්තැම්බර් මාසයේ දී නිලධාරි මට්ටමේ එකඟතාවයකට එළැඹුණි. මේ අතර මැදිකාලීන රාජ්‍ය ණය තිරසාරභාවය සහතික කිරීම අරමුණු කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා නිල ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සිදු කළ සාකච්ඡා සම්බන්ධව දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම 2023 වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment