මුල් ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වෙනස් කළා ද?

313

අල්ලස් කොමිසම කැලණිය පාලම – අතුරුගිරිය අධිවේගයේ ලිපිගොනු ඉල්ලයි

මාර්ග සංවර්ධන අධිකාරියේ යෝජිත නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය අධීක්‍ෂණය කරන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකුට මීළඟ විමර්ශන දින අමතර ලියකියවිලි රැගෙන එන ලෙස අල්ලස් කොමිසම මගින් දන්වා ඇත.

ව්‍යාපෘතිය ලබාදීමේ දී සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඩ් (CHFC) සමාගමට වැඩිවන පරිදි මුල් ඉංජිනේරුවන්ගේ ඇස්තමේන්තු වෙනස් කළ ආකාරය පැහැදිලි කර ගැනීම සඳහා එම නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම මගින් ඔවුන්ට මෙම උපදෙස් දී තිබේ.

චයිනා හාබර් සමාගමට මෙම ව්‍යාපෘතිය ලබාදීමේ දී රුපියල් මිලියන 35,000කට අධික වංචාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල කරමින් අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත මෙම නිලධාරීන් කැඳවා ඇති අතර ව්‍යාපෘතියට අදාළ ලිපිගොනු කිහිපයක් පසුගියදා කොමිසම සිය භාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment