මුලින්ම නෙදර්ලන්තය

193

මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

අවසන් කණ්ඩායම් 16 වටය ආරම්භ කරමින් කලීෆා හි අල් රයන් ක්‍රීඩාංගණයේදී ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවති තරගයෙන් ගෝල් 3-1 ක ජයග්‍රහණයක් ලබමින් නෙදර්ලන්ත ක්‍රීඩකයෝ එම දස්කම් දැක්වූහ. නෙදර්ලන්තය මේ වන තෙක් පාපන්දු ලෝක කුසලාන තරගාවලි 11 කට සහභාගි වී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 7 වෙනි අවස්ථාව එය බවට පත්විය.

නෙදර්ලන්තය මෙම ජයග්‍රහණය සඳහා කැඳවාගෙන ගිය මෙම්පිස් ඩෙපායි, ඩාලි බ්ලින්ට් සහ ඩේවියස් ඩම්ෆ්‍රයස් ගෝල වාර්තා කළහ. පරාජිත ඇමෙරිකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය හාජි රයට් විසින් වාර්තා වාර්තා කරන ලද අතර අවසන් කණ්ඩායම් 16 අතරින් පළමුවෙන්ම ඉවත් වූ කණ්ඩායම බවට ද ඇමෙරිකාව පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment