මුව ආවරණයක් නොමැති සුදු කාන්තාවක් බිය ගන්වා කප්පම් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමට පරීක්ෂණ

213

මුව ආවරණයක් නොදැම්මැයි බිය ගන්වා සංචාරක යුවළකගෙන් රුපියල් හයදහසක මුදලක් ගත්තැයි ලැබුණු පැමිණිල්ලකට රථවාහන අංශ පොලිස් නිලධාරීන් දෙදෙනකු පිළිබඳ ගම්පොළ පොලිස් කොට්ඨාසයෙන් හා නුවරඑළිය සංචාරක පොලිසිය මගින් පරීක්ෂණයක් අරඹා ඇත.

එම සංචාරක යුවළ ත‍්‍රිරෝද රථයකින් නුවරඑළිය දෙසට යමින් සිටියදී පුස්සැල්ලාව ප‍්‍රදේශයේදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් සුදු ජාතික තරුණිය මාස්ක් එකක් පැළඳ නොසිට ඇති අතර මාර්ගයේ සිටි පොලිස් රථවාහන යතුරුපැදිය මඟින් එය නවතා ඇති බවත් පසුව එය බරපතළ වරදක් බව පවසා මෙම දෙදෙනා මෙම යුවළගෙන් රුපියල් හයදහසක් ලබාගත් බවත් මොවුන් නුවරඑළිය සංචාරක පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ ගම්පොළ පොලිස් කොට්ඨාසය මඟින් ද පරීක්ෂණයක් අරඹා ඇති අතර එහි උසස් නිලධාරියකු පැවසුවේ සිද්ධිය අල්ලස් කොමිසමට ද දැනුම් දී ඇති බවයි.

රථවාහන අංශයේ මෙම දෙදෙනා හඳුනා ගැනීම සඳහා සියලු ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවද එම නිලධාරියා පැවැසීය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment