“මුව ආවරණ නොපළඳින අය කොන් කළ යුතුයි” – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

303

බස් රථය තුළ හෝ මහ මඟ කෙනකු මුව ආවරණය පැළඳ නොමැති නම් ඔහුව හෝ ඇයව කොන්කරන, පිළිකුල් කරන තැනට සමාජය පත්විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ‘දිවයින’ට ඊයේ (07 වැනිදා* පැවසුවාය.

ඇතැම් දෙනා මුව ආවරණ නිසි ලෙස නොපැළඳ මහමඟ හා පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කිරීමෙන් යළිත් කොවිඞ් රැල්ලක් මතුවීමේ අවදානමක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙසේ ද කියා සිටියාය.

මේ මුව ආවරණය පැළඳීම අනිවාර්ය කළ යුතු තැනට ඇවිත් තියෙනවා. මේ ගැන කතිකාවතක් ගොඩනැෙඟන්න ඕන. සමහර අය මුව ආවරණය නිකටට දාගෙන යනවා. තවත් අය බෙල්ලට දාගෙන යනවා. කොවිඞ් පැතිරීම මේ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාගෙන්ම නිසි ලෙස මුව ආවරණය පළඳින්න කියලා ඉල්ලා සිටිනවා.

අනිත් එක තමයි ගමනක් බිමනක් යනකොට මුහුණ ඇස් අල්ලන්න එපා. ඒ වගේම ඒ ගමන ගිහින් අවසන් වුණාට පස්සේ තමන්ගේ දෑත් සබන් යොදා තත්ත්පර 20 ක් සෝදන්න. මේ හොඳ සෞඛ්‍ය පුරුදු ඇතිව හැමදෙනාම කටයුතු කළොත් රට තුළ කොවිඞ් පැතිරීම පාලනය කරන්න පුළුවන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment