මුහුණුපොතේ අමුතු සටහනක්: ගෝඨාගේ නිවස ළඟට හදිසියේම දැඩි රැකවල්…

525

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට මාර්ගයට ඊයේ දැඩි රැකවරණ යොදා තිබිණි.

ගෝඨාභය මහතාගේ පෞද්ගලික නිවස වට කර පිරිසක් කළහකාරී ලෙස හැසිරී තිබුණේ 2022 වසරේ මාර්තු 31 දාය.

එයට හරියටම වසරක් ගතවීම වෙනුවෙන් සංවිධානාත්මක පිරිසක් විසින් මුහුණු පොතේ දැන්වීමක් පළකර 31 දා මිරිහානට පැමිණෙන ලෙස දන්වා ඇති බවට පොලිස් බුද්ධි අංශයට වාර්තාවීමත් සමග මිරිහාන ප්‍රදේශයට හදිසියේ දහසක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් මෙන්ම කැරලි මර්දන අංශ නිලධාරීන් ඊයේ මෙසේ කැඳවා තිබිණි. අධිපීඩන ජල විදුම් යන්ත්‍ර සහිත වාහන කිහිපයක් කැඳවා ඇති ආකාරය ද දැක ගන්නට ලැබිණි.

අවශ්‍ය වුවහොත් පොලිස් භට කණ්ඩායම්වලට අමතරව එම ප්‍රදේශයට හමුදා ආරක්ෂක අංශ ද අනුයුක්ත කිරීමට සූදානමක් ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.

එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment