මුහුණු ආවරණ සහ විෂබිජ නාශක දියර නොමිලේ බෙදන ව්‍යාපාරික සමන්ත බණ්ඩාර

307

ඇතැම් වෙළෙන්දන් මාස්ක් එකෙන් පවා ගසා කනවා

කොවිඞ් වසංගතය ආරම්භයත් සමග අන් කවරදාවත් වඩා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට මිනිසුන්ට සිදුවිය. ඒත් සමගම එදිනෙදා භාවිත කරන අත්‍යවශ්‍යම අංගයන් අතරට මුහුණු ආවරණ, විෂබීජ නාශක දියර, ආරක්ෂිත ඇඳුම් ආදිය නැතිවම බැරි අංගයන් විය. වසර දෙකකටත් ආසන්න කාලයක් තිස්සේ තවමත් කොවිඞ් වසංගතයේ අවදානම පහව ගොස් නැත. ඒ නිසා මුහුණු ආවරණ පැළඳීම සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීමෙන් බැහැර වීමට තවමත් සුදුසු වටපිටාවක් නිර්මාණය වී නැත.

‘‘මාස්ක් එකක්වත් ගන්න හැකියාවක් නැතිව අසරණ වූ පිරිසක් තවමත් අපි අතරම ඉන්නවා. ඒ වගේ මිනිසුන් හොයාගෙන මම මගේ පුද්ගලික වියදමෙන් ඒ මිනිසුන්ට උදව් උපකාර කරා. ප‍්‍රමිතියෙන් උසස් කියලා පිළිගත්තු ගුණාත්මක මුහුණු ආවරණ සහ විෂබීජ නාශක දියර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අසරණ ජනතාවට බෙදා දුන්නා. ඒ සඳහා මම ගමින් ගමට නගරයෙන් නගරයට ගියා. අසරණ ජනතාවට පිහිට වීම තමයි මගේ එකම බලාපොරොත්තුව’’ ලෙසින් මුහුණු ආවරණ බෙදා දීම සම්බන්ධයෙන් සමන්ත මහතා එලෙස අදහස් දැක්වීය.

මුහුණු ආවරණ සහ විෂබිජ නාශක දියර නොමිලේ බෙදන ව්‍යාපාරික සමන්ත බණ්ඩාර

අසරණ ජනතාවට නොමිලේ මුහුණු ආවරණ බෙදාදෙන අවස්ථාවලදී ඇති හැකි උදවිය පවා මුහුණු ආවරණ ලබා ගැනීම සඳහා පොරකමින් පැමිණි බව ද ඒ මහතා සිහිපත් කරයි. යම්කිසි මුදලක් වියදම්කර මුහුණු ආවරණ මිලදී ගතහැකි පිරිසට ද සහනයක් සැලසීමට සිතුණු මොහු නිෂ්පාදන මිල පමණක් අයකර ගනිමින් මුහුණු ආවරණ මිලට ගතහැකි පිරිස සඳහා ඒවා සහන මිලට ලබාදීමට ද කටයුතු කර තිබේ. රුපියල් විස්සට තිහට වෙළඳපොළේ අලෙවිවන මුහුණු ආවරණයක් රුපියල් අටක් දහයක් වැනි මුදලකට ලබා දීම නිසා ඔහුගෙන් මුහුණු ආවරණ මිලදී ගන්නට පැමිණෙන පිරිස ද දිනෙන් දින වැඩි වී තිබේ.

නොමිලේ මාස්ක් ලබා ගන්න පිරිසටත් වඩා මට ස්තුතිවන්ත වුණේ සහන මිලට ඒවා මිලදී ගත්තු පිරිස. මොකද ඇතැම් වෙළෙන්දන් මාස්ක් එකෙන් පවා ගසා කන වාතාවරණයක මම නිෂ්පාදන මිල පමණක් අයකර ගනිමින් ජනතාවට සහනයක් ලබලා දුන්නා.

කොවිඞ් වසංගතය ආරම්භක අවධියේ සිට මේ දක්වාම මොහු නගරයෙන් නගරයට ගමින් ගමට යමින් දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට වෙමින් සිටී. නමුත් මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීම ආරම්භකර ඇත්තේ කොවිඞ් වසංගතයටත් බොහෝ කාලයකට පෙරාතුවයි. මුල් කාලයේදී අසරණ ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ආදිය බෙදාදීම ද සිදුකර තිබේ.

‘‘මම මගේ ව්‍යාපාර පටන් ගත්තේ පුංචි ම තැන ඉඳලා. සමහර දවස්වල ගමින් ගමට නගරයෙන් නගරයට ගිහින් බිස්්නස් කරලා තියෙනවා. දුෂ්කර ජීවිතයක් ගත කරද්දී මට පිහිට වුණේ දුප්පත් අහිංසක මිනිස්සු. ජීවිතය ගැටගහ ගන්නවත් හයියක් නැති මිනිසුන්ගේ වේදනාව මට දැනෙනවා. ඒ නිසා තමයි දැනට අවුරුදු පහළොවකට විතර කලින් හැකි අයුරින් මම මිනිසුන්ට උදව් කරන්න පටන් ගත්තේ. අද මම තැනක ඉන්නවා නම් ඉන්නේ අපේ රටේ ජනතාව නිසා. ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීමට මට වුවමනා වුණා.’’

වසර පහළොවකටත් පෙරාතුව එලෙස ආරම්භ කළ සත් කි‍්‍රයාව කොවිඞ් හමුවේ නතර නොකළ මේ සුන්දර මිනිසා මුහුණු ආවරණ විෂබීජ නාශක දියර ආදිය රැුගෙන අදටත් ගමින් ගමට, නගරයෙන් නගරයට ගොස් අසරණ මිනිසුන් සොයා ඔවුන්ට පිහිට වෙයි.

‘‘මම කරන වැඬේ දැකලා බොහෝ දෙනෙක් මට කතා කරලා උදව් කරන්නම් කියලා කිව්වා. ඒ වෙලාවට මම කරන්නේ දුප්පත් අසරණ මිනිසුන්ව ඒ දානපතියන්ට සම්බන්ධ කරලා දෙන එක. මට මේ වැඬේ කරන්න ඕන වුණේ මගේම වියදමින් සහ මහන්සියෙන්. මං මේ දේවල් කරන්නේ මගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න කියලා කියපු අයත් හිටියා. හැබැයි මේ රටේ දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට මට සමාජ වගකීමක් තියනවා කියන එක මම අමතක කරන්නේ නැහැ.’’

මිනිසුන්ට පිහිටවීම ඔහු දකින්නේ ඔහුට පැවරුණු වගකීමේ කොටසක් ලෙසිනි. මේ වනවිටත් කුමක් හෝ දුෂ්කරතාවක් නිසා මුහුණු ආවරණ විෂබීජ නාශක දියර ආදිය මිලදීගත නොහැකි පුද්ගලයින් සිටි නම් ඔවුන්ට උදව් කිරීමට සූදානම් බව ද සිහිපත් කළේය.

මුහුණු ආවරණයෙන්, බෙහෙත් පෙත්තෙන් පවා මුදල් ගසා කමින් ධන කුවේරයන් බවට පත්වීමට වෙර දරන මිනිසුන්ට සමන්ත මහතා ලබා දුන්නේ වටිනා පණිවිඩයකි. වසර පහළොවක් තිස්සේ රටේ අස්සක් මුල්ලක් නෑර පීරමින් අසරණ මිනිසුන් උදෙසා කැපවී සිටින මේ අපූරු මිනිසාට ඒ වෙනුවෙන් සමාජයේ බොහෝ දෙනාගෙන් පැසසුම් නොඅඩුව හිමිවෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ රට සහ අසරණ මිනිසුන් වෙනුවෙන් කරන සේවයට කෘතගුණ සැලකීමක් ලෙසින් දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් ද පිදුම් ලබා තිබෙන බව සිහිපත් කළ යුතුය.

‘‘මගේ රටේ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවා නම් ඉදිරියේදීත් ඒ දේ මම කරනවා. මේ රටේ ඉගෙන ගත්තු දුප්පත් අසරණ දරුවන්ට මගේ ව්‍යාපාරය හරහා රැුකියා අවස්ථා පනහකටත් වැඩි ප‍්‍රමාණයක් මේ වනවිටත් මම ලබලා දීලා තියෙනවා. වසංගතයත් එක්ක මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවක පුළුවන් උදවිය අසරණ මිනිසුන්ට හැකි අයුරින් පිහිට වෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.’’

advertistmentadvertistment
advertistmentadvertistment