මුහුණු පොතින් යාළු වී පෙම්වතා සොයා මෙහි ආ නෙදර්ලන්ත පෙම්වතියගේ මළසිරුර හමුවෙයි

965

වැල්ලවත්ත, ගාලූ පාරේ පිහිටි මහල් 10කින් යුත් නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක අබිරහස් අන්දමින් මියගොස් සිටි ව්‍යාපාරික නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (24 වැනිදා) රාති‍්‍ර සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නෙදර්ලන්ත ජාතික කලිඩන් නිශා ගොටේන් නමැති 66 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.

මෙම කාන්තාව 36 හැවිරිදි ශී‍්‍ර ලාංකික තරුණයකු සමග මෙම නිවසේ රැුඳී සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.

අදාළ නෙදර්ලන්ත ජාතික කාන්තාව නිවසේ නාන කාමරයේ ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු තරුණයා දැක තිබේ. පසුව ඔහු මේ ගැන පොලිසියට දැනුම් දීමෙන් පසු එහි ගිය වැල්ලවත්ත පොලිසියේ නිලධාරීහු එම නිවසට ගොස් පරීක්‍ෂණ ඇරඹූහ.

එම නෙදර්ලන්ත ජාතික කාන්තාව ගේ හිසේ ලේ ගලන තුවාලයක් තිබූ බව ද පොලිසිය පවසයි.

ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් ශී‍්‍ර ලාංකික තරුණයා සමග මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව පේ‍්‍රම සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබේ. පසුව මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව එම තරුණයා සොයා මෙරටට පසුගියදා පැමිණ තිබේ. අනතුරුව ඔහු සමග මෙම නිවසේ රැුඳී සිට ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව ගේ මරණයට අදාළ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය ගල්කිස්ස අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා පැවැත් වූ අතර, එහිදී මියගිය නෙදර්ලන්ත ජාතික කාන්තාව ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදුකර එම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.

මෙම ව්‍යාපාරික නෙදර්ලන්ත ජාතික කාන්තාව ගේ හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ ද? එසේත් නොමැතිනම් ඇය නාන කාමරයේ ඇදවැටී මියගියේ ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරයි.

මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට ඇය සමග සිටි ශී‍්‍ර ලාංකික තරුණයා ඇතුළු පුද්ගලයන් දසදෙනකු ගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වැල්ලවත්ත පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (25 වැනිදා) පැවසීය.

වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රශාන් ද සිල්වා මහතා ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සිසිර කුමාර මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් සංජීව (5346), පොලිස් කොස්තාපල්වරුන් වන ධර්මසිරි (3086), පි‍්‍රයංකර (68134), හසිත (12250) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment