මුහුණු පොතෙන් මඩ ගහනවා… අනුෂා සීඅයිඩියට යයි

1468

මුහුණුපොත හරහා තමාට අපහාස කිරීමක් සිදුවන බව පවසමින් ඒ පිළිබඳව පැමිණිල්ලක් කිරීමට රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය ඊයේ (23 දා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.
 
සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම අසත්‍ය චෝදනා නඟමින් අපහාස කිරීම දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති නිසා මෙලෙස පැමිණිලි කිරීමට තීරණය කළ බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
 
‘‘මේ දවස්වල ෆේස්බුක් හරහා මට දිගින් දිගටම මඩ ගහනවා. සරත් වීරසේකර ඇමැතිතුමාවත් සම්බන්ධ කරගෙන. රාජපක්‍ෂ කඳවුර වෙනුවෙන් මූලිකත්වය අරගෙන කටයුතු කළ නිසා වෙන්න ඇති මේ විදිහට මඩ ගහන්නේ. ඒ වුණත් මේ පිරිස දන්නේ නෑ මේ අපහාස කිරීම හරහා කාන්තා හා ලිංගික හිංසනයක් සිදුවෙනවා කියලා. මම නුසුදුසු ව්‍යාපාරයක නිරත වෙලා වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවෙස වැටලූවා කියලා බොරු චෝදනා කරනවා. ඒ අවස්ථාවේ මම සරත් වීරසේකර ඇමැතිතුමාට කෝල් කළාලූ. නමුත් ඔය කියන විදිහේ වැරදි ව්‍යාපාරයක් මම කරලත් නෑ. ඇමැතිතුමාට මේ වගේ දේකට කෝල් කරලත් නෑ. ෆේස් බුක් එක හරහා මෙහෙම මඩ ගහන එක මනුස්සයෙක් මරනවා වගේම භයානක දෙයක්.’’ ලෙස ද අනුෂා දමයන්ති මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

– නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment