මුහුණු පොතේ මිල්ටන් ෆෑන් ක්ලබ්

365

ජයන්ත සරත් යනු විරහ ගීතයේ සදාදරණීය සොඳුරු මතකය මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අග‍්‍රගන්‍ය ගායන ශිල්පියා ගැයූ ගීත නව පරපුරට දායාද කරන්නට මහත් වෙහෙසක් ගන්නා සහෘදයෙකි.

මිල්ටන් මල්ලවාරච්චි ගීතලෝලි රසික සහෘදයන් හතළිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් එකම සමූහයකට එකතු කර, මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීත දහසකට ආසන්න ප‍්‍රමාණයක් අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් මුහුණු පොත තුළ මිල්ටන් ගැයූ ගීත ක්‍ෂණයෙන් තරුණ පරපුරට රසවිඳීමේ අවස්ථාව උදාකර මෙම ගීත පිටුව නිර්මාණය කර ඇත.

මුහුණු පොතේ මිල්ටන් ෆෑන් ක්ලබ්
ජයන්ත

මිල්ටන් මල්ලවාරච්චි ෆෑන් ක්ලබ් නමින් මෙම සමූහය හා එක් වූ ලොව පුරා සිටින සහෘද රසික ජනතාවක් මේ සමුහය හා එක් වී ගීත රස විඳිති. මේ සමූහයේ නියමුවාණන් වන ජයන්ත සරත් මහතා ඒ ගැන පවසන්නේ මෙවැනි අදහසකි. ගීතයක් අසා රසවිඳිය හැකිවූ කාලයේ මිල්ටන් මල්ලවාරච්චි නම් සොඳුරු ගායකයාගේ ගීත අහන්න හුරු වුණා. 70 දශකයේ සීමිත ගුවන් විදුලි සේවාවෙන් පමණයි ඔහු ගැයූ ගීත රසවිඳින්න අවස්ථාව ලැබුණේ. පසු කලක ඔහු ගැයූ ගීත ඇතුළත් කැසට් ගීත තැටි එකතු කිරීමට යොමු වුණා.

මිල්ටන් ගැයූ ජනප‍්‍රිය ගීත කිහිපයක් හැරෙන්නට රසවත් ගීත විශාල ප‍්‍රමාණයක් අහන්න රසිකයන්ට අවස්ථාව නැති වෙලා තිබුණා. මේ ගීත නැවත නැවතත් නව පරපුරට අහන්න සලස්වන්න 2018 දී මිල්ටන් මල්ලවාරච්චි ෆෑන් ක්ලබ් නම් මෙම සමූහය ආරම්භ කළා. මේ ෆේස්බුක් ගීත පිටුව කිහිප දෙනකුගෙන් ආරම්භ කළත් අද එහි නිත්‍ය සාමාජික සංඛ්‍යාව හතළිස් දහසකට ආසන්නයි. අද වනවිට මිල්ටන් මල්ලවාරච්චිගේ දරු මුණුබුරන් ද මේ පිටුවේ සාමාජිකයින් වීමද අපට සතුටක්.

ධම්මික සල්වතුර

advertistmentadvertistment
advertistmentadvertistment