මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ ගලවලා

459

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ විශාල ප‍්‍රමාණයක් ගලවා ඇති බවට දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරින් සහ මාර්ග අංශයේ නිලධාරින් ගාල්ල හා රත්ගම පොලිසිවලට පැමිණිලි කර තිබේ.

පසුගිය දින දෙකක කාලය තුළ ගිංතොට දුම්රියපොළ අසල සිට පාලම දක්වා කොටසේ ඇණ 70ක්ද පසුව පාලම අසල සිට රත්ගම දෙසට ඇණ 42ක්ද මෙසේ ගලවා ඇති බවට පැමිණිලි කර ඇත.

දුම්රිය ආරක්ෂක සේවාවේ නිලධාරියෙකු පැවසුවේ කොන්ක‍්‍රීට් සිල්පර කොටයට රේල් පීල්ල සවි කරනු ලබන ඇණ මෙසේ ගලවා ඇති අතර ඒ ප‍්‍රදේශය අවට සියලූ‍ම පරණ යකඩ බඩු එකතු කිරීමේ ස්ථාන පරීක්ෂා කළත් මෙම ඇණ සොයාගත නොහැකිවූ බවය.

පොලිසිය පැවසුවේ මෙය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නොවන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් මෙම ඇණ ගලවන්නට ඇතැයි සැක කරන බවය. මෙම සිද්ධියත් සමග මාර්ග ආරක්ෂාව තර කිරීමට දුම්රිය ආරක්ෂක සේවාවේ දකුණු පළාත් අධිකාරි ජී.ඩබ්ලිව්. සුමිත් මහතාගේ උපදෙස් පරිදි ගාල්ල දුම්රිය ස්ථානයේ කාර්ය භාර නිලධාරි කොඩිතුවක්කු මහතා ඇතුලූ‍ නිලධාරින් පියවර ගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට

ගැනීම සඳහා ගාල්ල සහ රත්ගම පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment