මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි දිරලා: දුම්රිය පීලිපැනීමට හේතු හෙළිවෙයි

145

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමට මුලික හේතුව දුම්රිය පීලි දිරාපත්වීම සහ දුම්රිය එන්ජින් නිසි පරිදි නඩත්තු නොකිරීම බවට හෙළිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා වන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ස්ථාන කීපයකම පීලි දිරාපත් වී ඇතැයි ද හෙතෙම කීය.

එම නිලධාරියා මේ බව අනාවරණය කළේ පෙරේදා (19 දා) පස්වරුවේ කොළඹ කොටුවේ සිට හික්කඩුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීමකට ලක්වීම පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ බව ද හෙතෙම පැවසීය.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ පවතින ආර්ථික අර්බුදය නිසා දුම්රිය පීලි මිලදී ගැනීමට බාධා එල්ල වී ඇති බවය.

පසුගිය සතියේ කොල්ලුපිටිය සහ කොම්පක්‍ද්ක්‍දවීදිය අතර දෙවරක් දුම්රිය පීලිපැනීමට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ලවිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment