මුහුදු කූඩැල්ලන් වගාවෙන් උතුරේ ධීවරයෝ මකර කටට

345

චීන සමාගම් තම මුහුදු කලාපයේ ධීවර කර්මාන්තයට පිවිසීම නිසා තම සාම්ප්‍රදායික ජීවනෝපායට සහ ප්‍රදේශයේ පාරිසරික තුලනයට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් උතුරු අර්ධද්වීපයේ ධීවරයින් සිය කනස්සල්ල පළකරමින් සිටියි. දශක ගණනාවක් යුද්ධය හේතුවෙන් නිසි ලෙස ධීවර කර්මාන්තයේ නියැලීමට නොහැකි වූ තමන්ට විදේශ ආයෝජන නාමයෙන් චීන සමාගම් හරහා සිදු වන මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය කරන ගොවිපළවල් හරහා අර්ධද්වීපයේ ධීවරයින්ට ප්‍රයෝජනයට වඩා හානියක් ගෙන දෙන බව යාපනය ධීවර සම්මේලනයේ සභාපතිවරයා පසුගිය දිනක මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

උතුරු අර්ධද්වීපය කේන්ද්‍ර කරගෙන චීන සමාගමක් විසින් මීට වසර පහකට පමණ පෙර මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයක් ආරම්භ කර තිබූ අතර මේ වන විට උතුරේ ධීවරයින් 600 කට අධික පිරිසක් යාපනය සහ කිලිනොච්චිය වෙරළ තීරයේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතීන් සඳහා සම්බන්ධ වී ඇති බවට වාර්තා වේ.

මෙලෙස ධීවරයින් පිරිසකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ කොටු සැකසීමට අවසර දීම හේතුවෙන් ධීවර කටයුතු සඳහා සිය බෝට්ටු රැගෙන යන මාර්ග අවහිර වී ඇතැයි කිරංචි ධීවර වරාය අසල ධීවරයින් පිරිසක් උපවාසයක් ද ආරම්භ කර තිබුණි.

මුහුදු කූඩැල්ලන්ගෙ වාණිජමය වටිනාකම මුහුදු කූඩැල්ලන් වාණිජමය වශයෙන් ලබා ගත හැකි ඉහළම වටිනාකමින් යුත් මුහුදු ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. මුහුදු කූඩැල්ලන් චීනය සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල ප්‍රචලිත ආහාරයක් ලෙස භාවිතා කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. මූලික වශයෙන් ඒවායේ පෝෂණ ගුණය සහ ප්‍රධෑත බව නිසා හොංකොං, චීනය සහ සිංගප්පූරුව වැනි රටවල මුහුදු කූඩැල්ලන් ඉතා ජනප්‍රිය ආහාරයක් බවට පත් වී ඇත.

ඒවායේ ඇති ඖෂධීය ගුණය හේතුවෙන් මැලේසියාව ඇතුළු ඇතැම් රටවල මුහුදු කූඩැල්ලන් භාවිතයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ද ආරම්භ කර ඇත.

උතුරු අර්ධද්වීපය කේන්ද්‍ර කරගෙන චීන සමාගමක් විසින් මීට වසර පහකට පමණ පෙර මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයක් ආරම්භ කර තිබූ අතර මේ වන විට උතුරේ ධීවරයින් 600 කට අධික පිරිසක් යාපනය සහ කිලිනොච්චිය වෙරළ තීරයේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතීන් සඳහා සම්බන්ධ වී ඇති බවට වාර්තා වේ.

මෙලෙස ධීවරයින් පිරිසකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ කොටු සැකසීමට අවසර දීම හේතුවෙන් ධීවර කටයුතු සඳහා සිය බෝට්ටු රැගෙන යන මාර්ග අවහිර වී ඇතැයි කිරංචි ධීවර වරාය අසල ධීවරයින් පිරිසක් උපවාසයක් ද ආරම්භ කර තිබුණි.

යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි පුංගුඩුතිව් හි මුහුදු කූඩැල්ලන් ගොවිපළක් සඳහා චීන සමාගමක් ආයෝජනය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබූ අතර එය සාම්ප්‍රදායික ජීවන වෘත්තියෙහි නියැලෙන ධීවරයින්ගේ ජීවනෝපායට, සමුද්‍ර පරිසර පද්ධතියට සහ වෙරළ තීරයට අහිතකර ලෙසට බලපෑම් එල්ල කළ හැකි බවට ධීවරයෝ චෝදනා කර සිටිති.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමෙන් පසු උතුරු හා නැගෙනහිර පළාත්වල යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල අක්කර 5,000ක් පුරා විහිදෙන මහා පරිමාණ වාණිජ්‍යමය වශයෙන් මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වූ යෝජනාවක් මේ වසරේ ජුනි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදි. මෙම යෝජනාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉදිරිපත් කර තිබූ අතර ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි.

සාම්ප්‍රදායික ජීවන වෘත්තියෙහි නියැලෙන ධීවරයින්ට වන බලපෑම යාපනයේ සුළු පරිමාණ ධීවරයින් වෙරළට ආසන්න නොගැඹුරු ජලයේ මසුන් මැරීමට සාම්ප්‍රදායික ධීවර ක්‍රමය භාවිතා කරයි. සාමාන්‍යයෙන් මෙම මාළු දැල් රාත්‍රියේ අටවන අතර අස්වැන්න නෙළීම පසුදා උදෑසන සිදු කෙරේ.

කලපුව හරහා විහිදෙන මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය කිරීමේ ගොවිපළවල් ඉලක්ක කරගෙන සවි කර ඇති විදුලි පහන් සවස් කාලයේ සිට දල්වා ඇති අතර ඒ හේතුවෙන් මාළු හෝ ඉස්සන් වෙරළ දෙසට ගමන් කරනුයේ කෙසේදැයි ධීවර ප්‍රජාව ප්‍රශ්න කර සිටියි. අලුතින් පිහිටුවන ලද ගොවිපළවල් නිසා වෙරළ දෙසට සිදු කරන මසුන්ගේ ස්වභාවික ගමනාගමනයට බාධා ඇති වන බව ඔවුන්ගේ මතයයි.

කාලයක් තිස්සේ ධීවර කර්මාන්තයේ නියැලෙන ඇතැම් ධීවරයින්ට වර්තමානයේ දී තම පවුලේ පරිභෝජනයට ද මසුන් වෙනත් ධීවරයින්ගෙන් මිලදී ගැනීමට සිදු වී ඇති බව ඔවුන් මැසිවිලි නගයි.

මුහුදු කූඩැල්ලන් සඳහා වන ගොවිපළවල් ඇති කිරීම හේතුවෙන් සුළු පරිමාණයේ ධීවර පවුල් 3200කට පමණ දැඩිව බලපෑම් එල්ල වී ඇති බව පැවසේ.

නොගැඹුරු වෙරළබඩ ප්‍රදේශ ඝන වැටවල්වලින් වටකර මුහුදු කූඩැල්ලන් සඳහා වන ගොවිපළවල් ඉදිකර ඇත. අක්කරයක සිට අක්කර දහය දක්වා වූ මුහුදු තීරයේ මෙම ගොවිපළවල් පිහිටුවීම සඳහා ධීවර අමාත්‍යාංශය විසින් බදු දී ඇත. ඒ අනුව අක්කරයක ජල ප්‍රදේශයේ එක් වරකට බෝ කළ හැකි මුහුදු කූඩැල්ලන් ප්‍රමාණය 4000 ක් පමණ වේ.

යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතිය සඳහා බලපත්‍ර 220ක් පමණ නිකුත් කර ඇත. මීට අමතරව, අයදුම්පත් සියයකට වඩා ප්‍රමාණයක් සමාලෝචනය කරමින් පවතින බව වාර්තා වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ බලපත්‍ර 270 ක් දැනටමත් නිකුත් කර ඇති අතර තවත් අයැදුම්පත්‍ර සියයකට අදාළව කටයුතු සිදුවෙමින් පවතී.

2021 වර්ෂයේ දී ධීවර අමාත්‍යාංශයේ විසින් නිකුත් කළ වාර්තාවට අනුව මන්නාරම, යාපනය, කිලිනොච්චිය සහ කල්පිටිය යන ප්‍රදේශවල නොගැඹුරු මුහුදු තීරයේ මුහුදු කූඩැල්ලන් වගාව සඳහා වඩාත් සුදුසු යැයි සැලකෙන ඉඩම් අක්කර 5000ක් පමණ හඳුනාගෙන ඇත.

සූර්යාලෝකය සහ මුහුදු පැළෑටි ඇතුළු හිතකර සාගර පරිසරයක් පැවැතීම හේතුවෙන් විශාලතම මත්ස්‍ය අභිජනන ස්ථාන වෙරළබඩ ඉඩම් ආසන්නයේ පිහිටා ඇත. ඉස්සන් කොරල්පර අසල බෝ වේ. ජලයේ ලවණතාව මත පදනම්ව මෙම ජීවීන් වෙරළබඩ ප්‍රදේශ අසල හෝ මුහුද දෙසට ගමන් කරයි. මෙම ප්‍රදේශවල මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් පිහිටුවීම ප්‍රදේශයේ දිගුකාලීන තිරසාර පැවැත්මට විශාල තර්ජනයක් බව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පර්යේෂක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එම්. රියාස් අහමඩ් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

රජයට මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මගින් අවංකවම ධීවර ප්‍රජාවගේ ජීවින තත්ත්වය දියුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම් සිදු කළ යුත්තේ විදේශීය තාක්ෂණය යොදා ගෙන දේශීය ව්‍යවසායකයින්ට ආයෝජන අවස්ථා ලබා දීම බවත් චීන ආධිපත්‍යයට මුහුදු තීරය නතු කිරීම නොවන බවත් උතුරේ ධීවරයෝ පවසා සිටිති.

ත්‍රිකුණාමලය
සමන් මල්ලවආරච්චි

මුහුදු කූඩැල්ලන් වගාවෙන් උතුරේ ධීවරයෝ මකර කටට

advertistmentadvertistment
advertistmentadvertistment