මුහුදු මාළු ගණන් යද්දී වැව් මාළුවලට වැඩි ඉල්ලුමක්

440

මුහුදු මාළු දිනෙන් දින ඉහළ යාමත් සමග මිරිදිය මත්ස්‍ය පරිභෝජනයට ජනතාව නැඹුරු වෙමින් පවතින බව වයඹ පළාතේ වැව් ආශ්‍රිත ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් පවසති.

භූමිතෙල් මිල ඉහළ යාමත්, අවශ්‍ය පමණ භූමිතෙල් ලබා ලබා ගැනීමට තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටිති. කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ ධීවරයින් මූහුදු ගොස් නෙලාගන්නා මසුන් අලෙවි කිරීමට සිදුව ඇත්තේ ඉතා ඉහළ මිල ගණන් යටතේය.

සාලය , සූඩයා මාළු කිලෝ එක රුපියල් 800 ත් 1000 කුම්බලාව, කුඩා ප්‍රමාණයේ පරව් කිලෝ එක රුපියල් එක්දහස් 1400 ත් 1600 අතර මිලක් පවතිද්දී වැව් මාළු වන තෙප්පලියා,නයිලෝට්, කැට්ලා, ඇතුළු මසුන් කිලෝවක් තොටුපලින් රුපියල් 450-600 මිලදී ගැනිමට හැකිව තිබේ. මේ හේතුවෙන් වැඩි පිරිසක් උදෑසනම වැව් තොටුපළ වෙත පැමිණ මිරිදිය මසුන් මිලදි ගැනිමට වෙනදාට වඩා වැඩි උනන්දුවක් දක්වති. පවතින තත්වය හමුවේ දුර බැහැර ප්‍රදේශවලින් පවා මසුන් මිලදී ගැනිමට පැමිණෙන බවත් ඇතැම් අවස්ථාවල මාළු අලෙවි කරන්නන්ට පවා මසුන් ඉතිරි නොවන තත්වයක් උද්ගතවන බව ධීවරයින් පවසති.

අමරනන්ද විජේසේකර
මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment