මුහුදු රළට බිළිවූ කතුන් දෙදෙනා

240


මොණරාගල බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණ කිරින්ද මුහුදේ රළ පාගමින් සිටි 18 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන් ගොස් මරණයට පත්ව ඇත.

මෙලෙස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇත්තේ වැලිපොතේයාය මඩකලපු පාර බිබිල ලිපිනයේ පදිංචි 18 හැවිරිදි රාජපක්ෂ එදිරිසිංහ දේවාලගේ සදනි ධනංජනි රාජපක්ෂ නැමති විවාහක කාන්තාවක් හා කුඹුක්ගොල්ල එගොඩගම සීනිගොඩ බිබිල යන ලිපිනයේ පදිංචි 18 හැවිරිදි කෙලින්හිටියාවේ ගෙදර ප්‍රබෝදිකා කෞෂල්‍යා නැමති විවාහක කාන්තාවකි.
මියගිය කාන්තාවන් දෙදෙනා පවුලේ ඥාතින් පිරිසක් සමග බිබිල ප්‍රදේශයේ සිට විනොද් චාරිකාවක පැමිණ අද පෙරවරු 09.40ට පමණ කිරින්ද මුහුදේ රළ පෑගිමට ගොස් තිබේ.එහිදි රළ පාගමින් සිටි කාන්තාවන් දෙදෙනා රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment