මුහුදේ අතරමං වූ තවත් සෝමාලියානුවෝ දෙදෙනෙක් ගොඩබිමට

411

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයන් දෙදෙනෙකු බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු බහුදින ධීවර යාත‍්‍රාවෙන් බේරුවල ධීවර වරායේ ධීවර යාත‍්‍රා මධ්‍යම වැඩපොළ අංගනය වෙත රැගෙන එන ලදී.

18 සහ 19 වියැති සෝමාලියානු ධීවරයන් දෙදෙනකු මෙසේ රැුගෙන විත් තිබේ.

මුහුදේ අතරමං වූ  තවත් සෝමාලියානුවෝ  දෙදෙනෙක් ගොඩබිමට

බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවර සිව්දෙනකු හමුව ඇති අතර මීට පෙර දෙදෙනෙක් ගොඩබිමට ගෙනවිත් ඇති අතර ඉතිරි දෙදෙනා මෙසේ රැුගෙන ආ බව වෙරළ ආරක්ෂක නිලධාරී කාර්යාලය පවසයි.

සෝමාලියානු ධීවරයන් දෙදෙනා ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිසියට භාරදීමට නියමිතය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment