මුහුදේ දී අතුරුදන් වූ ධීවරයන් දෙදෙනාට නාවික හමුදා පිහිට

135

යාපනයේ වැල්වෙටිතුරෙයි කෝවිල් අඩි ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදන් වූ ධීවරයන් දෙදෙනකු නාවික හමුදාවේ මෙහෙයුම් යාත‍්‍රාවක් මගින් බේරා ගෙන තිබේ.

රාගවන් හා වේලවන් නමැති ධීවරයන් දෙදෙනා මුහුදු ගොස් ආපසු නොපැමිණි බවට වැල්වෙටිතුරෙයි පොලිසියට ඔවුන් දෙදෙනාගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව තොරතුරු පොලිසිය නාවික හමුදාවටද දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව සිදුකළ මෙහෙයුමක දී මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් දෙදෙනා බේරාගෙන වැල්වෙටිතුරෙයි රෝහලට ඇතුළත් කොට තිබේ. අතුරුදහන් වූ ධීවරයන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ අධික වේගයෙන් යාත‍්‍රා කළ ඉන්දීය ටෝලර් යාත‍්‍රාවක ඔවුන්ගේ යාත‍්‍රාව ගැටීමෙන් පසුව යාත‍්‍රාව අබලන් වීම නිසා ඔවුන්ට ආපසු ගොඩ බිමට පැමිණීමට නොහැකිව සිටි බවයි. යාපනය වැල්වෙට්ටිතුරෙයි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment