මුහුදේ පාවෙමින් තිබූ ගංජා පාර්සලය නාවික හමුදාවෙන් රේගුවට

63

ඉන්දියාවේ සිට යාපනයට නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 35 ක පමණ පාර්සලයක් මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් 23 දා සොයගෙන තිබේ.

මෙම කේරළ ගංජා පාර්සලය නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත්තේ කච්චතීව් මුහුදු තීරයේදීය.

එම පාර්සලය නාවික හමුදාව විසින් ලිහා බැලීමේදී පැකැට් 14 ක් පාර්සලය තුළ තිබී ඇත.

නාවික හමුදාව විසින් සොයා ගත් එම කේරළ ගංජා පාර්සලය යාපනයේ රේගු නිලධාරීන් වෙත බාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment