මූදු ගොස් අතුරුදන්ව සිටි මාමා සහ බෑනා මිය ගිහින්

271


යාපනයේ වඩමරච්චි ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනගේ බවට සැකකෙරෙන මළ සිරුරු දෙකක් ඊයේ සවස මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ධීවරයින් පිරිසකට හමු වී තිබේ.
මෙම ධීවරයින් දෙදෙනා පසුගිය 27 වෙනිදා වඩමරච්චි ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදහන් වූ අතර ඔවුන් ජෝෂප් ප්‍රේම්කුමාර් සහ අරුන්කුමාර් තනිහේමාරන් යන යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ මාමා සහ බෑනා කෙනෙකු බවට හදුනාගෙන තිබුණි.
යාපනයේ පේදුරුතුඩුව පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසුව නාවික හමුදාව සහ ධීවරයින් එක්ව අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා සොයා මෙහෙයුමක් දියත් කරණ ලද නමුත් ඔවුන්ව සොයා ගැනීමට නොහැකි වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment