මූලධර්මවාදී යාච්ඥා‍කරුවන්ට අහුවෙන්න එපා – රොනී පොන්සියයස් පියතුමා

181

මූලධර්මවාදී ඊනියා බයිබල් යාච්ඥා‍කරුවන් කිතුනු ආගමිකයන් පමණක් නොව අනෙකුත් ආගම් අදහන්නන් පවා විනාශකර දමමින් සිටින බැවින් මෙවැනි මිථ්‍යාදෘෂ්ටිකයන්ට හසු නොවීමට සියලූදෙනා වගබලා ගත යුතුව ඇතැයි කොළඹ අගරදගුරු පදවියේ මරියා හමුදා අධ්‍යක්‍ෂ රොනී පොන්සියයස් පියතුමා ඉල්ලා සිටියි.

කටානේ, හල්පෙ ප‍්‍රදේශයේ දොළොස් හැවිරිදි දරුවා ද නිරපරාදේ මියගියේ මෙකී ඊනියා මූලධර්මවාදී මිථ්‍යාදෘෂ්ටිකයන්ට හසු වී යැයි ද පියතුමා කීවේය.

මෙම මිථ්‍යාදෘෂ්ටික ඊනියා මූලධර්මවාදීන් සිදුකරන විනාශය අතිමහත් යැයි ද මොවුන්ට හසුවන ඇතැමුන් ඔවුන් සතුව ඇති මිල මුදල් පවා නිස්කාරනේ විනාශකර ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි ද පොන්සියයස් පියතුමා සඳහන් කළේය.

ඉදිරි කාලයේදී මෙවැනි මූලධර්මවාදීන්ට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද පියතුමා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment