මූල්‍ය වංචා – අවංකභාවයෙන් වැසී ඇති මුලාව

1261

සත්‍ය ජීවිතයේ අවස්ථාවක්:

21 හැවිරිදි තරුණියක වූ ‘ආශා’ ට තිබුණේ එක් සිහිනයක් පමණි. එනම්, විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට යි. ඇගේ සිහිනය සැබෑකර ගැනීම සඳහා ශිෂ්‍යත්වයකට අයැදුම් කිරීමේ ක‍්‍රියාවලියේ දී, ඇය විදේශිකයකු වූ ආචාර්ය කාර්ල් සමඟ මිතුදමක් ගොඩන`ගා ගත්තා ය. සාමාන්‍යයෙන් ආගන්තුකයන් කෙරෙහි විශ්වාසය තැබීමට සැකයක් දක්වන ආශා, ආචාර්ය කාර්ල් තම සිහිනයට සහාය දක්වන හෙයින් ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට නොපසුබට වූවා ය. ඔවුහු දුරකථන අංක හුවමාරු කර ගෙන, සමාජ මාධ්‍යයේ මිතුරන් බවට පත් වූහ.

ඔවුන්ගේ මිත‍්‍රත්වය කාලයත් සමඟ මල්ඵල දැරූ අතර, දිනක් තමාට ආශා වෙත ස්වර්ණාභරණවලින් ත්‍යාගයක් සහ මුදලින් ඩොලර් 100,000ක ත්‍යාගයක් යැවීමට අවශ්‍ය බව ආචාර්ය කාර්ල් ආශා වෙත දැනුම් දුන්නේ ය. ඔහු එම ත්‍යාගයේ ඡුායාරූපයක් ඇය වෙත යවා, එය හැකි ඉක්මනින් ඇයට ලැබීමට සලස්වන බවට පොරොන්දු වූවා ය. ආශා ඉතාමත් සතුටට පත් වූ අතර, තෙදිනකට පසු ආචාර්ය කාල්ගේ මිතුරකු ලෙස තමන්ව හඳුන්වන හැරී නමැති පුද්ගලයකුගෙන් ඇයට දුරකථන ඇමතුමක් ලැබුණි. තමන් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සිටින බවත්, එම ත්‍යාගය නිෂ්කාශනය කර ගැනීමේ ක‍්‍රියාවලියෙහි යෙදී සිටින බවත් එම පුද්ගලයා ආශාට පැවසීය. හැරී දේශීය බැංකු ගිණුමක රු.100,000 ක තැන්පතුවක් නිශ්කාශන ගාස්තු ලෙස තැන්පත් කරන මෙන් ආශාගෙන් ඉල්ලා සිටියේ ය. ආශා, දෙවරක් නොසිතා, ඇයගේ මිතුරා වූ ආචාර්ය කාර්ල් සහ ඔහු විසින් එවන ලද ඡුායාරූපය මත විශ්වාසය තබමින්, පවසන ලද මුදල තැන්පත් කළාය. මද වේලාවකින් පසු, හැරී යළිත් වරක් ආශාව සම්බන්ධ කර ගත් අතර, ඩොලර් මුදල් ත්‍යාගය ශ‍්‍රී ලංකා රේගුවෙන් නිශ්කාෂනය කර ගැනීමට රේගු නිශ්කාෂන ගාස්තු ලෙස එම බැංකු ගිණුමට ම රු. 295,000 ක මුදලක් තැන්පත් කරන මෙන් ඉල්ලා සිටියේ ය. ආශා මේ පිළිබඳව ආචාර්ය කාර්ල් ගෙන් විමසා සිටින අතර, ඔහු එය තහවුරු කිරීමෙන් අනතුරුව ඇය එම මුදල් තැන්පත් කළාය. පසුව, එදිනම, හැරී ආශාව යළිත් වරක් සම්බන්ධ කර ගෙන, රු. 900,000 ක ගාස්තුවකට ඩොලර් රටට ගෙන ඒම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිශ්කාශනය ලබාගත යුතු බව ඇයට දැනුම් දුන්නේ ය. හැරී ඔහුගේ ප‍්‍රකාශය තහවුරු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිශ්කාශන සහතිකයේ ඡුායාරූපයක් ආශා වෙත එවූ අතර, එම සහතික පත‍්‍රයේ වූ එක්සත් ජාතීන්ගේ නිල ලාංඡුනය විශ්වාස කළ ආශා අදාළ මුදල එම බැංකු ගිණුමටම තැන්පත් කළාය. තවද එක්සත් ජාතීන්ගේ නිශ්කාශන ක‍්‍රියාවලියට දින තුනක් පමණ ගත වනු ඇති බව හැරී ආශා වෙත දැනුම් දුන්නේ ය. තෙදිනකට පසු, හැරී ආශා අමතා ත්‍යාගය සතු කර ගැනීමේ අවසන් පියවර ලෙස ඩොලර් මුදල් ත්‍යාගය ශ‍්‍රී ලංකා රුපියල් වෙත හැරවීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත රු. 500,000ක මුදලක් ගෙවිය යුතු බව පවසමින්, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සහතිකයක ඡුායාරූපයක් ඇය වෙත යැවූවේ ය. මෙම සමස්ත ක‍්‍රියාවලිය තුළ දී, ආශා ඇයගේ ත්‍යාග ඉතා ඉක්මනින් ලැබෙනු ඇති බවත්, මේ සියලූ නිශ්කාශන ගාස්තු විදේශයේ සිට ත්‍යාග එවීමේ දී අය වන සාමාන්‍ය පිරිවැයන් බවත් සහතික කරමින් තමන් වෙත දිගින් දිගටම පණිවුඩ එවූ ආචාර්ය කාර්ල් කෙරෙහි ඇයගේ විශ්වාසය තැබුවා ය.

අවසානයේ දී, ආශාගේ බලාපොරොත්තුව සඵල කරමින්, ත්‍යාගය ඇයගේ දොරකඩටම ලබා දීමට සියල්ල සූදානම් බව හැරී ඇමතුමක් ලබා දී දැනුම් දුන්නේ ය. නමුත් මද වේලාවකින්, හැරී යළිත් වරක් ආශා අමතමින් එම ත්‍යාගය මුලින් තහවුරු කළ ඩොලර් 100,000 ක මුදල් ත්‍යාගයට අමතරව, ඩොලර් 900,000 ක මුදල් ත්‍යාගයකින් සමන්විත යැයි ශ‍්‍රී ලංකා රේගුව පැවසූ බව දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත්, ආරම්භයේ දී ආචාර්ය කාර්ල් ඩොලර් 100,000 ක් පමණක් පොරොන්දු වී තිබූ හෙයින් ආශා හැරීව විශ්වාස නොකළා ය. ඇය ආචාර්ය කාර්ල් ගෙන් නව මුදල් ත්‍යාගය පිළිබඳ විමසූ විට, ඔහු පැවසූයේ ඔහුට ඇයව පුදුම කිරීමට අවශ්‍ය වූ හෙයින් ඒ පිළිබඳව හෙළි නොකළ බව යි.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේ දී, ආශා ආචාර්ය කාර්ල් සහ හැරී විසින් සිදු කරන ලද පොරොන්දුවල හා හැරී කළ ඉල්ලීම්වල විශ්වසනීයත්වය සහ අවංකත්වය පිළිබඳ සැක පළ කරන්නට ඇරඹූවා ය. ඇය මේ වන විට නොහඳුනනා සහ නොදැක ඇති පුද්ගලයන් වෙත රු. 1,795,000 ක පමණ සමස්ත මුදල් ප‍්‍රමාණයක් ගෙවීමෙන් වෙහෙසට සහ කලකිරීමට පත්ව සිටියාය. අවසානයේ දී, ඇය ශ‍්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ කර ගන්නා අතර, ඇය මහා පරිමාණයේ මූල්‍ය වංචාවක ගොදුරක් බවට පත්ව ඇති බව දැන ගන්නී ය. ඉන් අනතුරුව ඇය අදාළ නීති බලගැන්වීමේ අධිකාරයන් වෙත දැනුම් දීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබන්නී ය. එසේ වුවත්, ඇය දැන් ඇයගේ ඉතුරුම්, ඇයගේ සිහිනය, මිනිසුන් කෙරෙහි සහ තමන් කෙරෙහි ඇය තැබූ විශ්වාසය අහිමි කර ගෙන ඇත.

II. වංචාවක් යනු කුමක්ද?

නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක් තුළ, අවංකත්වයේ සහ මුළාවෙහි මානව ක‍්‍රියාකාරකම් විවිධ මං මාවත් ඔස්සේ දිගින් දිගටම හට ගැනීම, වර්ධනය වීම සහ ව්‍යාප්ත වීම සිදුව ඇත. එවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මිනිසුන් විසින් භාවිත කරන ලද විවිධ මාර්ග සහ ක‍්‍රමවේදයන් විවිධ යුගයන්වලින් පෙන්නුම් කෙරේ. වංචා කිරීම යනු මිනිසුන්ගේ රැවටිලි සහගත ස්වභාවය ක‍්‍රියාත්මක වන එවැනි එක් ආකාරයකි. වංචාවන් විවිධ මූලාශයන් මගින් විවිධ දෘෂ්ටිකෝණවලින් නිර්වචනය කර ඇත. වංචාවක් යනු මිනිසුන් මුළා කිරීමෙන් මුදල් උපයා ගැනීමට සිදු කරන වංක ක‍්‍රමයක් විය හැකි ය (Merrium-Webster’s Learners Dictionary) නැතහොත් එය වංචාකාරී පුද්ගලයකු විසින් මුදල් පැහැර ගැනීමේ අරමුණැතිව සැක පළ නොකරන ගොදුරක් මත සිදු කරන කූටෝපායක් විය හැකි ය. (American Bankers Association). සාර්ථක මූල්‍ය වංචා මගින් ‘කතාවක් විකිණීම’ සිදු කරන අතර, එම වංචාකරුවන් කතා කීමේ දී පමණක් නොව, මිනිස් ස්වභාවය සහ සාමාන්‍යයෙන් මිනිසුන් විසින් නොකරනු ලබන දෑ ඔවුන් ලවා කර ගැනීමට එම මිනිසුන්ව නිවැරදිව පෙළඹවිය යුත්තේ කෙසේදැයි යන්න මනාව වටහා ගනියි (Carlson” 2019).

වංචාවන් පිළිබඳ විවිධ නිර්වචන සහ මතයන් සලකා බැලීමෙන් අනතුරුව, මූල්‍ය වංචාවක් යනු පුද්ගලයකු හෝ කිහිපදෙනකු විසින් මිනිසුන් මුළා කිරීමෙන් මුදල් පැහැර ගැනීමට සැලසුම් කරනු ලබන ක‍්‍රියාවක් බව නිගමනය කළ හැකි ය. අතීතයේ දී මූල්‍ය වංචාවන් අවම මට්ටමකින් ක‍්‍රියාත්මක වී ඇතත්, වර්තමානයේ දී ඒවා සියලූ සමාජ කණ්ඩායම් හරහා විනිවිද යමින් විශාල ප‍්‍රමාණයකට ඉහළ ගොස් ඇත. තාක්ෂණයේ ප‍්‍රගතිය සහ නිරක්ෂරතාව, කෑදරකම, ස්වයං-කේන්ද්‍රීය බව, අසීමිත අපේක්ෂාවන් සහ සීමා රහිත කුතුහලය වැනි මානව ලක්ෂණ මෙන්ම, මුදල් ඉපැයීමේ පහසුව සහ ක්ෂණික බව මූල්‍ය වංචා ඉහළ යෑමට විශාල වශයෙන් දායක වී ඇත. ඇසිල්ලකින් කුඩා මූල්‍ය පාඩුවක සිට විශාල මූල්‍ය පාඩුවක් දක්වා සිදු විය හැකි මූල්‍ය වංචාවලට සාමාන්‍යයෙන් ඇත්තේ කෙටි ආයු කාලයකි.

iii, ලෝකය දෙස බැලීමක්

වර්තමානයේ දී, මූල්‍ය වංචා ලෝකයේ සියලූ කලාපයන්ට බලපාන ගෝලීය අර්බුදයක් බවට පත් වී ඇත. 2020 වර්ෂය තුළ දී ලොව පුරා ප‍්‍රධාන වශයෙන් දුරකථන සහ අන්තර්ජාල වංචාවලට සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 20,000කට වැඩි ගණනක් වාර්තා වී ඇත (News and Events” 2020). ගෝලීය සුපිරි බලවතෙකු වන ඇමෙරිකානු එක්සත් ජනපදය පවා සමාජයට දැඩි ලෙස පීඩා කරන මූල්‍ය වංචා වර්ග කිහිපයක් හඳුනා ගෙන ඇති අතර, ස්ත‍්‍රී පුරුෂභාවය අනුව එවැනි මූල්‍ය වංචා සඳහා වඩාත් අවදානමට ලක් විය හැකි කාණ්ඩය පිරිමි පුද්ගලයන් වන අතර, වයස් කාණ්ඩය අනුව එම කාණ්ඩය වයස්ගත ජනගහණය වේ
(Phil Catlett” 2017) ඒත් සමඟම, ගෝලීය සුපිරි බලවතාගේ අධිකාරයන් සුලභ වංචා පිළිබ`දව සහ ඒවායෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න සම්බන්ධව මහජනතාව දැනුවත් කරයි (Common Scams and Crimes) වාහන වංචා, පේ‍්‍රම වංචා, මාර්ගගත වංචා දිගින් දිගටම ඉහළ යන වංචා ලෙස ඔස්ටේ‍්‍රලියාව විසින් හඳුනාගෙන ඇත (News & Alerts” 2021), මැද පෙරදිග කලාපයෙහි ද වංචා සහ මූල්‍ය අපරාධ ඉහළ යමින් පවතියි (PWS’s Global Economic Crime and Fraud Survey” 2020). එක්සත් රාජධානියේ මූල්‍ය වංචා ඉහළ යෑමේ ගැටලූවේ බරපතළකම යටපත් වන්නේ අදාළ බලධාරීන්ට සැබවින්ම මීට ගොදුරුවන්නන්ගෙන් සුළුතරයක් පමණක් වාර්තා වන නිසා බව මූල්‍ය වංචා ක්ෂේත‍්‍රය තුළ පවත්වන ලද පර්යේෂණ මගින් පෙන්වා දෙයි (Financial Scamming – Our Campaign and Research to date). එමෙන්ම පුද්ගලයන් පමණක් නොව, ආයතනික ලොව පවා වංචාකරුවන්ගේ දෑතට හසු වී පීඩා විඳ ඇත (PWS’s Global Economic Crime and Fraud Survey” 2020)

iv. වංචාවකට ඇතුළත් වන පාර්ශ්වයන්:

සාමාන්‍යයෙන් මූල්‍ය වංචාවක පාර්ශ්වයන් ද්විත්ත්වයක් සිටියි. එනම්, වංචාකරු සහ ඉලක්කගත කණ්ඩායම යි. මෙය මූල්‍ය වංචාවල සරලතම ආකාරය ලෙස හඳුනාගත හැකි අතර, මෙහිදී වංචාකරු විසින් තනිව ක‍්‍රියාත්මක වී අවිහිංසක ගොදුර/ ගොදුරු වෙත සෘජුව ළඟා වේ. කෙසේ වෙතත්, දියුණු මූල්‍ය වංචාවකට එම වංචාව අරඹන්නා/ අරඹන්නන් මෙන්ම අතරමැදියන් වංචාකරුවන් වශයෙන් සහ ඉලක්කගත කණ්ඩායම යන පාර්ශ්වයන් කිහිපදෙනකු සිටිය හැකියි. වංචාව අරඹන්නා/ අරඹන්නන් අවශ්‍ය බුද්ධිය සහ සම්පත් සැපයීම මගින් වංචාව සැලසුම් කරන අතර, එම සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම ස`දහා එක් අතරමැදියෙක් හෝ අතරමැදියන් කිහිප දෙනකුගේ සහාය ලබා ගනියි. සාමාන්‍යයෙන්, දියුණු මූල්‍ය වංචාවල දී, අතරමැදියන් සෘජුවම ඉලක්කගත කණ්ඩායම සමඟ ගනුදෙනු කරනු ඇති අතර, වංචාව අරඹන්නා මෙම සිදුවීමට පිටුපසින් සිට ක‍්‍රියා කරයි. මූල්‍ය වංචාවල මහ මොළකරු විදේශ ජාතිකයන් වූ අවස්ථා ද ඇත. වංචාව අරඹන්නා හ`දුනා ගැනීමට සහ හසුකර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත් වූ, සංකීර්ණ සහ මනා ලෙස සැලසුම් කළ මහා පරිමාණ මූල්‍ය වංචා ලොව තුළ සිදු වී ඇත. එවැනි වංචා මකුළු දැල්වලට සමාන වන අතර, වරක් එහි පැටලූණහොත්, එම අවුල් ජාලයෙන් ගැලවීමට මහත් පරිශ‍්‍රමයක් සහ අධිෂ්ඨානමය ශක්තියක් අවශ්‍ය වේ. සූක්ෂම මට්ටමේ සිට මහා පරිමාණය දක්වා වෙනස් වන මූල්‍ය වංචාවන්, අහඹු පුද්ගලයන් මෙන්ම, සංවිධානගත අපරාධ කල්ලි විසින් මිනිසුන්ගෙන් මුදල් පැහැර ගැනීමට භාවිත කරනු ලබයි.

V. ඉලක්කගත ක්ෂේත‍්‍රයන්:

මූල්‍ය වංචා විවිධ අංශ තුළ ක‍්‍රියාත්මක වේ.

සේවානියුක්තිය

වංචාකරුවන් විසින් ගාස්තුවකට දෙස් විදෙස් රැකියා ලබා දෙන බවට පොරොන්දු වීම ඔස්සේ මිනිසුන්ගේ රැකියා සොයා යෑමේ අවශ්‍යතාව ඉලක්ක කර ගනී.

රැකියාවක් සදහා බලාපොරොත්තු සුන් වූ අවශ්‍යතාවෙන් පසුවන රැකියා සොයන්නා කියනු ලබන රැකියා සපයන්නා පිළිබ`දව කිසිදු පසුබිම් සෙවීමක් සිදු කිරීමකින් තොරව, ඉල්ලා සිටින ගාස්තුව ඔහුට ගෙවනු ඇත. කෙසේ වෙතත්, අවසානයේ දී, රැකියා සොයා යන්නාට මූල්‍යමය පාඩුවක් මෙන්ම, පොරොන්දු වූ රැකියාව ද නොලැබී යෑමේ තත්ත්වයක් උදාවෙයි.

පේ‍්‍රමය

මෙය බෙහෙවින් කාන්තාවන් ඉලක්කගත කෙරෙන අංශයකි. වංචාකරුවන් අවිවාහක මෙන්ම විවාහක කාන්තාවන්ට ඉතා කාරුණික සහ උපකාරශීලීබවින් කටයුතු කර, ඔවුන්ගේ ආදරය සහ විශ්වාසය දිනා ගනියි. ඉන් අනතුරුව වංචාකරුවන් ඔවුන් විවාහකර ගන්නා බවට බොරු පොරොන්දු දී, එසේ වංචාවට හසු වූ කාන්තාව සමඟ එක්ව අනාගතය සැලසුම් කරයි. ඉන් පසු වංචාකරුවා මංගල උත්සවය/ නිවසක් මිල දී ගැනීම/ විදේශයකට සංක‍්‍රමණය වීමට ආදී වශයෙන් මුදල් ඉල්ලා සොරකම් කරයි.

වත්කම් සහ නිෂ්පාදන

නිවාස, වාහන, පරිගණක, සංගීත භාණ්ඩ යනාදී වත්කම් සහ සුවද විලවුන්, ඖෂධ වැනි නිෂ්පාදන, පුවත්පත්, සමාජ මාධ්‍යය වැනි විවිධ මාධ්‍යයන් හරහා ප‍්‍රචාරණය කෙරේ. ආරම්භයේ දී වංචාකරු විසින් බැංකු ගිණුමකට අත්තිකාරම් ගාස්තු ගෙවීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටිනු ඇත. අත්තිකාරම් ගෙවීම තැන්පත් කළ පසු, වංචාකරු විසින් මුදල් ලබාගෙන අතුරුදන් වේ.

දිනුම් සහ තෑගි

විදේශිකයකු යැයි තමන්ව හඳුන්වාදෙන පුද්ගලයෙක්, ලොතරැුයි, රත‍්‍රන්, බී එම් ඩබ්ලිව් රථ, මුදල් තෑගි දිනුම් විදේශයෙන් ලබා දෙන බවට පොරොන්දු වේ. අනතුරුව එම විදේශිකයා, ඔහුගේ මිතුරකු ලෙස ර`ගපාන අතරමැදියකුගේ සහාය ඇතිව, දිනුමට හිමිකම් කීම ස`දහා දේශීය බැංකු ගිණුමකට කුරියර් ගාස්තු, රේගු නිෂ්කාශන, බදු අය කිරීම් මුදලින් ගෙවා දමන මෙන් මෙසේ වංචාවට හසු වූ පුද්ගලයාට උපදෙස් දෙයි. ඉලක්කගත පුද්ගලයාට තමා වංචාවකට හසුව ඇති බව වැටහෙන අවස්ථාවට ළ`ගා වන විට, සැලකිය යුතු මූල්‍ය පාඩුවකට ලක්ව, ඒ වන විටත් ඔහු විසින් වංචාකරු වෙත මුදල් තැන්පතු දෙකක් හෝ තුනක් ගෙවා අවසන්ය.

මූල්‍ය ආධාර

මෙහිදී වංචාකරුවන් විසින් දරිද්‍රතාව, ණය, රෝගාබාධ වැනි මිනිසුන්ගේ මූල්‍ය අවශ්‍යතා ඉලක්ක කරනු ලබයි. වංචාකරුවන් සහායකයන් ලෙස රඟපාමින්, විවිධ ආකාරයෙන් සහාය සැපයීමට තැත් කරයි. මෙවැනි අවස්ථාවල දී, මූල්‍ය වංචාකරුවන් ඉතා අවම ආරම්භක තැන්පතුවකට ණය ලබා දීමට පොරොන්දු වෙයි. රෝගාබාධවල දී, වංචාකරුවන් මුදල් රැුස් කිරීම ස`දහා බැංකු ගිණුම් විවෘත කිරීම මගින් සහාය ලබා දීමට උත්සාහ කරනු ඇත. වරක් ආරම්භ තැන්පතුව සිදු කළ විට/ අරමුදල්වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් රැුස් කර ගැනීමෙන් අනතුරුව, වංචාකරු විසින් එම මුදල් පැහැර ගනු ලැබේ.

ආගමික සහ පුණ්‍ය කටයුතු

වංචාවන් යනු සදාචාරයෙන් තොර කටයුත්තකි. වංචාකරුවන් විසින් මිනිසුන්ගේ හර පද්ධතියට බලපෑම් කිරීමට පූජකයන්, කන්‍යා සොහොයුරියන්, පරිත්‍යාග, පුණ්‍යායතන සහ පදනම් වැනි ආගමික සහ පුණ්‍යායතන හා බද්ධ සංකල්ප යොදා ගනු ඇත. ආගමික සහ පුණ්‍ය කටයුතු මූලික කරගත් පරිත්‍යාග මුවාවෙන් වංචාකාරී ලෙස මුදල් ඒ්කරාශී කරනු ලැබේ.

ආයෝජන

මූල්‍ය උපදේශකයන්/ අරමුදල් කළමනාකරුවන් ලෙස පෙනී සිටිනා වංචාකරුවන් විසින් ඉහළ ප‍්‍රතිලාභ, කඩිනම් ලාභ සහ මූලික ප‍්‍රාග්ධනය විශාලනය සඳහා දැනුම සහ සහය ලබා දෙනු ලබයි. තම ඉතුරුම් ආයෝජනය කිරීම සඳහා ආයෝජකයන් පෙළඹෙන අතර, අවසානයේ දී, ඉතුරුම් සහ ලැබීම් අහිමි වී යනු ඇත.





ස්විෆ්ට් පණිවිඩ (ීඋෂත්‍ඔ*

ව්‍යාජ ස්විෆ්ට් පණිවිඩ යනු වංචාකරුවන් විසින් මිනිසුන් රැුවටීම සඳහා යොදා ගනු ලබන තවත් එක් ක‍්‍රමයකි. මෙහිදී, අසාමාන්‍ය ලෙස විශාල මුදල් ප‍්‍රමාණයන් හුවමාරු කරන බව පෙන්වා දෙමින් වංචාකරුවන් විසින් ව්‍යාජ ස්විෆ්ට් පණිවිඩ නිර්මාණය කරනු ලබන්නේ අරමුදල් නිදහස් කිරීම සඳහා විවිධ කොන්දේසි යටතේ ගාස්තු අය කිරීමක් සිදු කරන වග පවසමින්ය. කෙසේ වුවද, අවධාරණය කළ යුතු කරුණක් වනුයේ ස්විෆ්ට් පණිවිඩ යනු මූල්‍ය ගනුදෙනු පිළිබඳව තොරතුරු සපයන මාර්ගයක් පමණක් වන අතර, එවැනි කොන්දේසි ඇතුළත් නොවන වගයි. එය පණිවිඩයක් පමණක් වන අතර, උපදෙස් ලබා දීමක් සිදු නොවේ. කෙසේ වුවද, ව්‍යාපාරික ඥානය නොමැතිකම හේතුවෙන් පුද්ගලයන් මෙවන් වූ වංචාවන්ට ගොදුරු වන අතර, මුල්‍ය ආයතන/ නියාමන අධිකාරීන් මුදල් රඳවා ගැනීම තුළින් එම මුදල් හිමිවීම වළක්වන බව සඳහන් කරමින් වංචාකරුවන් විසින් අදාළ පුද්ගලයන් නොමඟ යැවීම සිදු කරනු ලබයි.

ආයතනික ලෝකය

වංචාකරුවන් විසින් පුද්ගලයන් පමණක් නොව ආයතන ද ඉලක්ක කර ගනු ලබයි. වංචනික ඊමේල් පණිවුඩ, දත්ත සමුදායන් සහ පද්ධති වෙත අනවසරයෙන් ඇතුළු වීම, මූල්‍ය වත්කම් අවභාවිත කිරීම ආදිය සමාගම්වල ධනය සොරකම් කිරීම සඳහා භාවිත කරන විධි කිහිපයකි.

ඉහත දක්වා ඇති අයුරින්, වංචාවන් නිරන්තරයෙන් සිදුවන මෙයාකාර වූ පුළුල් පරාසයකින් පැහැදිලි වනුයේ වංචාකරුවන් විසින් මිනිසුන්ගේ අත්‍යවශ්‍ය වුවමනා එපාකම්, ජීවිත අභිලාෂයන්, සිහින සහ ඉලක්ක මූලිකව හඳුනා ගන්නා වගයි. එවැනි අවශ්‍යතාවන් සහිත පුද්ගලයන් වෙත වංචාකරුවන් සියුම් ලෙස සමීප වන අතර, ඔවුන්ගේ මානසිකත්වය ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් කරනු ලබයි. ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා සහය සහ මාර්ගෝපදේශ ලබා දෙන අතර, විශ්වාසය දිනා ගැනීමෙන් පසුව, වංචාකරුවන් විසින් මෙකී අහිංසක පුද්ගයන්ගේ මුදල් සොරකම් කිරීම සඳහා ක‍්‍රම සකස් කරනු ලැබේ. කොවිඞ්-19 වසංගත තත්ත්වය වැනි සාමාජීය වෙනස්වීම් සහ ප‍්‍රවණතාවයන් මූල්‍ය වංචා කිරීම සඳහා මාර්ගයන් ලෙස යොදා ගැනීමෙන් පෙනී යන්නේ පාරිසරික සහ සාමාජීය වෙනස්කම් හා අනුරූපී වීමට සහ අනුවර්තනය වීමට මූල්‍ය වංචාවලට ඇති හැකියාවයි.

ඩස. වංචාකරුවන් භාවිත කරන මාර්ග

මූල්‍ය වංචාවන් සඳහා විවිධ ප‍්‍රවාහ යොදා ගැනෙන අතර, දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් පණිවිඩ, සමාජ මාධ්‍ය, පුවත්පත් සහ සඟරාවන් ඉන් සමහරක් වේ. මූල්‍ය වංචා සීමාවකින් තොරව සෑම සියලූ දෙනා ඉලක්ක කර ගනියි. වංචාකරුවන් විසින් විවිධ සමාජ කණ්ඩායම් ඉලක්ක කර ගැනීම සඳහා විවිධ ප‍්‍රවාහ භාවිත කරනු ලබයි. පේ‍්‍රම වංචාවන් වෙත කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම සඳහා දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය නිරන්තරයෙන් උපයෝගි කරගනු ලබයි. ආකර්ෂණීය ප‍්‍රචාරණය, පොළඹවා ගත හැකි කතාවන් සහ ඒත්තු ගැන්විය හැකි ප‍්‍රතිලාභ සහිතව සමාජ මාධ්‍ය මූලිකව යොදා ගනුයේ තරුණ පරම්පරාව වෙත සමීප වී ඔවුන් රැුවටීමටයි. වැඩිහිටි පරම්පරාව වෙත සමීප වීම සඳහා වංචාකරුවන් විසින් බහුලවම උපයෝගී කර ගනුයේ පුවත්පත් වන අතර, එයට හේතු වී ඇත්තේ පුවත්පත් භාවිතය ඔවුන් අතර වර්තමානයේ ද ප‍්‍රචලිත බැවිනි. ඊමේල් පණිවිඩ සහ දුරකථන ඇමතුම් වංචාකරුවන් විසින් බොහෝ විට උපයෝගී කර ගනු ලබන්නේ මැදි වයසේ තැනැත්තන් ඉලක්ක කර ගැනීමටය.

ඩසස. සත්‍ය ජීවිතයේ අවස්ථාව විශ්ලේෂණය කිරීම.

ආශා මුහුණ දුන් මෙම සිදුවීම ශ‍්‍රී ලංකාවේ දෛනිකව සිදුවන තවත් එක් වංචාවකි. සංවිධානාත්මක පුද්ගල කණ්ඩායමක් විසින් මෙම මූල්‍ය වංචාව සිදු කළ වග දැකිය හැකිය. ආචාර්ය කාර්ල්, හැරී සහ දේශීය බැංකු ගිණුම් හිමියා මතුපිටින් මෙකී වංචාව සඳහා දායක වූවන් ලෙස හඳුනාගත හැකි වුවද, තිරයේ පිටුපස තවත් බොහෝ පාර්ශ්වයන් මෙහි කොටස්කරුවන් විය හැකිය. චංචාවේ මහ මොළකරු කවුරුන්දැයි පැහැදිලි නැත. කෙසේ වුවද, ආචාර්ය කාර්ල් අදාළ වංචාවේ පුරෝගාමියා වීමට හැකියාවක් ඇති සේම, ඉහත සඳහන් කළ සියලූ පාර්ශ්වයන් අතරමැදියන් ලෙස කටයුතු කරනා අතරතුර, චංචාවේ මහ මොළකරු තිරය පිටුපස සිට වංචාව බාධාවකින් තොරව සුමට ලෙස සිදු වීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා ද විය හැකිය.

ආචාර්ය උපාධියක් හිමි වගකීම් සහිත උගත් පුද්ගලයකු ලෙස රඟ දක්වන ආචාර්ය කාර්ල්, සමාජ මාධ්‍ය තුළින් ආශාගේ එකම සිහිනය බෙදා හදා ගනිමින් සහ පෝෂණය කරමින්, ඇයගේ බාල වයස් මට්ටම ඉලක්ක කර ගනිමින් මෙන්ම ඇයට ප‍්‍රතික්ෂේප කළ නොහැකි ත්‍යාගයක් යැවීමෙන් ආශා ආකර්ෂණය කර ගනියි. මෙකී වංචාවේ දී, මානුෂීය හැඟීම් වන අනාගත අභිප‍්‍රායන්, වයස, කුතුහලය සහ සමාජ තත්ත්වය වංචාකරුවන්ගේ අවශ්‍යතාවන්ට නතු කරගනු ඇත. ඔහු ආශාගේ විශ්වාසය දිනා ගන්නේ ත්‍යාගයේ ඡුායාරූපයක් යැවීම තුළින් වන අතර, එය විශ්වාස කරන ආශා තම ඉතුරුම් ආගන්තුකයකුගෙන් හිමිවන ත්‍යාගයක් උදෙසා වැය කරන්නීය.

මූල්‍ය වංචාවන්හී දී, ඉංග‍්‍රීසි භාෂාවේ බහුලව භාවිතයට ගැනෙන හැරී, කාර්ල්, විලියම්, මයික් ආදී වූ නම් යොදා ගැනේ. තවද, බොහෝ වංචාවන්හී දී, විදේශ ජාතිකයන් මෙන්ම විදේශයන්ගෙන් රැුගෙන එන ත්‍යාග ඇතුළත් වනුයේ මිනිසුන් එය ගෞරවයක් සහ අභිමානයක් ලෙස සලකන බැවිනි. එමගින් චංචාවන්ට මිනිසුන් ආකර්ෂණීය කර ගැනීම සඳහා වඩාත් ඒත්තු ගැන්විය හැකි සහ විශ්වාසදායී මාර්ගයක් සපයනු ලබයි. තවද, මෙකී සැබෑ ජීවිතයේ වංචාව මහා පරිමාණ චංචාවක් ලෙස සැලකිය හැක්කේ දින හතක් වැනි කාලයක් තුළ රුපියල් 1,795,000ක් අහිමි වීමට එය පාදක වූ බැවිනි.

මෙරට ආර්ථික කටයුතු බොහොමයක් හා සම්බන්ධව බදු අය කිරීම, ගාස්තු සහ රෙගුලාසි නිකුත් කිරීම, චක‍්‍රලේඛ, මාර්ගෝපදේශ සහ වෙනත් බොහෝ අනුකූලතා අවශ්‍යතා නිකුත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ කටයුතු කරන බවට සෑම සියලූ දෙනා අතරම ප‍්‍රසිද්ධ ප‍්‍රධාන ආයතන ත‍්‍රිත්වයක් වන ශ‍්‍රී ලංකා රේගුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නම් සහ නියාමන කටයුතු මෙම වංචාවේ දී අවභාවිතා කර ඇත. මූල්‍ය වංචාවක වින්දිතයන්, ආරම්භයේ දී චංචාකරුවන් බොහෝ සෙයින් විශ්වාස කරනු ලබයි. වංචාකරුවන් විසින් මුදල් සොරා ගැනීම සඳහා උපයෝගී කරගනු ලබන නිෂ්කාශන ගාස්තු, බදු සහ අය කිරීම් තමන්ගේ ත්‍යාග/ මුදල් ත්‍යාග/ මූල්‍ය සහය සොරකම් කිරීම සඳහා බලධාරීන් පනවන ලද බාධාවන් ලෙස වින්දිතයන් විසින් සලකනු ලබයි. එබැවින්, අදාළ බලධාරීන්ගෙන් සහය සහ උපකාර ලබා ගැනීමට වින්දිතයින් ආරම්භයේ දී මැලි වෙයි. ඇතැම් අවස්ථාවල අදාළ බලධාරීන් සම්බන්ධ කර ගනිමින් ඉහත සඳහන් කර ඇති පරිදි විවිධ ගෙවීම් පිළිබඳව විමසුම් කළ ද, එම නිලධාරීන් විසින් වංචා පිළිබඳ ලබාදෙන උපදෙස් නොතකා වින්දිතයන් ඔවුනට බැණ වදින අවස්ථා ද ඇත.

තනිව ක‍්‍රියාත්මක වීම සහ කිසිවකු සමඟ බෙදා හදා නොගැනීම වංචාවට ගොදුරු වීමට හේතුවන ප‍්‍රධාන සාධකයකි. මෙවැනි හැසිරීම් සඳහා හේතු වන ප‍්‍රධාන මානව ලක්ෂණය වනුයේ තණ්හාව වන අතර, එය සීමා රහිතව විශ්වාස කිරීමටත්, නොසැලකිලිමත් ලෙස ක‍්‍රියා කිරීමටත් හේතු වේ.

ඩසසස. වැළැක්වීමේ පියවර

2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත ප‍්‍රකාරව, වංචාවන් නීත්‍යානුකූල නොවන කටයුත්තක් ලෙස සලකණු ලැබේ. ගනුදෙනුවක් හෝ ගනුදෙනුවක් කිරීමට තැත් කිරීමක් වංචාවකට සම්බන්ධ යැයි සැක කිරීමට ආයතනයකට සාධාරණ හේතු තිබෙන අවස්ථාවක දී, 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වැනි වගන්තිය ප‍්‍රකාරව, අදාළ ආයතනය, එම සැකය ඇති කර ගැනීමෙන් හෝ තොරතුර ලැබීමෙන් පසුව, එහෙත් එතැන් පටන් වැඩ කරන දින දෙකක් පසු නොවී, ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීම නැතහොත් තොරතුර, සැක සහිත ගනුදෙනු වාර්තාවක් ලෙස ශ‍්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කළ යුතු වේ.

කිසියම් පුද්ගලයකු චංචාවක වින්දිතයකු වූ විගස, ඔහු/ ඇය චංචාකරුගේ බැංකු ගිණුම ඇති බැංකුව වෙත (ඇත්නම්* දැනුම් දීමට කඩිනමින් පියවර ගත යුතු වන අතර, ළඟම පිහිටි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කළ යුතු වේ. එවැනි වින්දිතයන්ට මූල්‍ය බුද්ධි ඒකකය ද ඇතුළුව අදාළ අනිකුත් ආයතනයන්ට ද දැන්විය හැකි ය. ශ‍්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන්නේ නම්, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මගින් ද, සෙම?ජඉිකගකන යන විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවුඩයක් ද එවිය හැකිය. මූල්‍ය වංචාවන්ගේ වින්දිතයන් වීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය බොහෝ පියවර ගෙන ඇති අතර, වංචා පිළිබඳ ලැබී ඇති සැක සහිත ගනුදෙනු වාර්තා අදාළ නීතිය බලාත්මක කරන ආයතන වෙත කාලීනව යොමු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ලිපි පළ කිරීම සහ බැංකුවල දැන්වීම් පළ කිරීම එවැනි පියවර කිහිපයක් වේ.

සං. පරීක්ෂාකාරී වන්න

කෙසේ වුවද, මූල්‍ය වංචා තර්ජනය වැළැක්වීම සඳහා මූලික වගකීම මහජනතාව සතු වේ. වංචාවක වින්දිතයකු වීමෙන් පසු වැය වන පෞද්ගලික සහ සමාජ පිරිවැය වැළක්වීම සඳහා, පසුව නිවැරදි කිරීමේ පියවර ගැනීමට වඩා, මහජනතාව සුපරීක්ෂාකාරී වීමෙන් අදාළ වංචාවන්ට ගොදුරු වීමෙන් වැළකීම වඩාත් සුදුසු වේ.

මූල්‍ය වංචාවලින් අපව ආරක්ෂා වීමට පහත සඳහන් පියවර අනුගමනය කළ හැකිය.

බැංකු ගිණුම් විස්තර, හර/ බැර කාඞ්පත් විස්තර, එක් වරක් පමණක් භාවිත වන මුරපද (ධඔඡුි* වැනි පෞද්ගලික මූල්‍ය තොරතුරු දෑ නොහ`දුනන පාර්ශ්වයන් වෙත අනාවරණය නොකරන්න.

සෑමවිටම ගෙවීම් සිදු කිරීමට පෙර තොරතුරු සත්‍යාපනය කරන්න.

නොදන්නා පුද්ගලයන්ට හෝ නිෂ්පාදන මිල දී ගැනීමට කිසිදු අත්තිකාරම් ගෙවීමක් සිදු නොකරන්න.

සැකසහිත ඊමේල් පණිවුඩ, කෙටි පණිවුඩ, අධිසම්බන්ධකයන් (යහචැරකසබනි*, ස්වයංක‍්‍රීව විවර වන කවුළු යනාදිය විවෘත නොකරන්න.

තනිව ක‍්‍රියා නොකරන්න. ඕනෑම සැකසහිත මූල්‍ය තත්ත්වයක දී ඔබේ පවුල, වැඩිහිටියන්, සමීප මිතුරන් සහ බලධාරීන් සමඟ සාකච්ඡුා කරන්න. එමෙන්ම, ඔවුන්ගෙන් සහාය ලබා ගන්න.

මූල්‍ය ලෝකයේ නවීනතම ධනාත්මක සහ සෘණාත්මක ප‍්‍රවණතා පිළිබඳව දැනුවත් වන්න.

ං. මහජනතාව වෙත ලබා දෙන පණිවුඩය:

‘නොමිලේ ලබා දෙන දිවා ආහාරයක් වැනි කිසිදු යමක් නොමැත.’ මූල්‍ය වංචාවක දී පොරොන්දු වන ප‍්‍රතිලාභ ආරම්භයේ දී පොළඹවන සුළු ස්වභාවයන් ඇති අතර, අවසානයේ දී පීඩා විඳීමකට මග පාදනු ඇත. මූල්‍ය වංචා හ`දුනා ගැනීමට, වාර්තා කිරීමට සහ ඒවායෙන් තමන් ආරක්ෂා වීමට අවධානයෙන් සහ පරීක්ෂාකාරීව පසු වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. සෑමවිටම තමාට නුහුරු කාරණා සමඟ ගනුදෙනු කිරීමේ දී ඒවා පිළිබඳ විමසීම් සිදු කරන්න. ඔබගේ අඛණ්ඩ සුපරික්ෂාකාරී බව, කාලීන ක‍්‍රියාමාර්ග සහ මූල්‍ය දැනුමුතුකම කෙටිකාලීනව මූල්‍ය වංචාවලින් වැළකී සිටීමට උපකාරී වනු ඇති අතර, එය දිගු කාලීනව සුරක්ෂිත සහ නොපළුදු දේශයක් ගොඩනැ`ගීමට සහාය ලබා දෙනු ඇත.

ංස. මූලාශ‍්‍ර

(බ.ා.*. ඍැඑරසැඩැා රෙදප ඵැරරසමප-උැඉිඑැර‘ි ඛැ්රබැරි ෘසජඑසදබ්රහ: යඑඑචි://කැ්රබැරිාසජඑසදබ්රහ.ජදප/

(2019*. ෂබ ඊ. ක්‍්රකිදබ, ෘදබ’එ ත්‍්කක ත්‍දර ෂඑ: ් ීයදරඑ ්‍යසිඑදරහ දෙ ත්‍සබ්බජස්ක ීජ්පි. න්‍දයබ උසකැහ * ීදබි.
්පැරසජ්බ ඊ්බනැරි ්ිිදජස්එසදබ. (බ.ා.*. ඍැඑරසැඩැා රෙදප ්ඊ් ත්‍දමබා්එසදබ: යඑඑචි://ිකසාැචක්හැර.ජදප/ිකසාැ/9698794/

ක්‍දපපදබ ීජ්පි ්බා ක්‍රසපැි. (බ.ා.*. ඍැඑරසැඩැා රෙදප ත්‍ඊෂ: යඑඑචි://අඅඅ.ෙඉස.ටදඩ/ිජ්පි-්බා-ි්ෙැඑහ/ජදපපදබ-ිජ්පි-්බා-ජරසපැි

ත්‍සබ්බජස්ක ීජ්පපසබට – ධමර ක්‍්පච්සටබ ්බා ඍැිැ්රජය එද ෘ්එැ. (බ.ා.*. ඍැඑරසැඩැා රෙදප යඑඑචි://අඅඅ.එර්ාසබටිඒබා්රාි.මන/පැාස්/ාදජමපැබඑි/චදකසජහ/රුිැ්රජය/ිජ්ප-ඉදදනකැඑ-සෙබ්ක-ාර්ඓ.චාෙ

භැඅි * ්කැරඑි. (2021*. ඍැඑරසැඩැා රෙදප ීක්‍්ඵඋ්ඔක්‍්‍ය: යඑඑචි://අඅඅ.ිජ්පඅ්එජය.ටදඩ.්ම/

භැඅි ්බා ෑඩැබඑි. (2020*. ඍැඑරසැඩැා රෙදප සබඑැරචදක.සබඑ: යඑඑචි://අඅඅ.සබඑැරචදක.සබඑ/ැබ/භැඅි-්බා-ෑඩැබඑි/භැඅි/2020/ඵදරු-එය්බ-20-000-්රරුිඑි-සබ-හැ්ර-කදබට-ටකදඉ්ක-ජර්ජනාදඅබ-දබ-චයදබැ-්බා-ෂබඑැරබැඑ-ිජ්පි

ඡුයසක ක්‍්එකැඑඑ, ඊ. ඊ. (2017, ඵ්රජය 29*. ඔදච සෙබ්බජස්ක ිජ්පි චක්ටමසබට ්පැරසජ්බි. (උදදාඔඪ.ජදප, ෂබඑැරඩසැඇර*

ඡුඅක්‍’ි ඨකදඉ්ක ෑජදබදපසජ ක්‍රසපැ ්බා ත්‍ර්මා ීමරඩැහ. (2020*. ඍැඑරසැඩැා රෙදප චඅජ.ජදප: යඑඑචි://අඅඅ.චඅජ.ජදප/ටං/ැබ/ිැරඩසජැි/දෙරුබිසජි/ැජදබදපසජ-ජරසපැ-ිමරඩැහ.යඑපක

මතු සම්බන්ධයි

මූල්‍ය වංචා - අවංකභාවයෙන් වැසී ඇති මුලාව

ඒ. පී. එල්. ජේ. දුලාංජලී තිලකරත්න

සහකාර අධ්‍යක්ෂ/ මූල්‍ය බුද්ධි ඒකකය, ශ‍්‍රී ලංකා මහ බැංකුව















 

advertistmentadvertistment
advertistmentadvertistment