මෘදුකාංග අපනයනයෙන් පසුගිය වසරේ බිලියන 1.7 ක විදේශ මුදලක් උපයයි

166

තොරතුරු තාක්‍ෂණයට අදාළ මෘදුකාංග අපනයනය තුළින් පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව රුපියල් බිලියන 1.7 ක විදේශ මුදලක් උපයා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවැසීය.

විවාදය ආරම්භ කරමින්, වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

මුළු ලෝකයම මුහුණ දුන්න දැවැන්තම ඛේදවාචකයට අද මුහුණ දීලා. ඒ නිසා අපේ රටත් ප‍්‍රධාන අර්බුද 3 කට මුහුණ දීලා. සෘණ ආර්ථිකය යළි ගොඩනැ`ගීමත් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමත් අවශ්‍යයි. පුනරාවර්ථන වියදම් වැඩිවෙලා.

ඩොලර් අර්බුදයක් පවතිනවා. ඒ තුළ රට තුළට එන විදේශ විනිමය වැඩිකළ යුතුයි. රටින් පිටව යන විදේශ විනිමය ප‍්‍රමාණය අඩුකරගත යුතුයි. මේ මූල්‍ය අර්බුදය තුළ ආදායම පාලනය කළ යුතුයි.

අපේ ආණ්ඩුව වැට් බද්ද අඩුකළා. ඒ ව්‍යවසායකයන්ට සහනයක් ලෙසයි.

පසුගිය වසරේ රටේ තොරතුරු තාක්‍ෂණ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක්. මහින්ද රාජපක්‍ෂ යුගයේ තොරතුරු තාක්‍ෂණය ඉතා විශාල ලෙස වැඩි කළා. මෘදුකාංග නිෂ්පාදනය මෘදුකාංග උසස් කිරීම් ආදියෙන් කළ නිෂ්පාදනවලට අපනයනයේදී ආදායම් බදු හා වැට් නිදහස ලැබෙනවා.

ඉන්දියාව චිත‍්‍රපට අපනයනය කිරීමෙන් විශාල ලෙස මුදල් උපයනවා. මේ නිසා ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටිලා. කොරෝනා නිසා තවත් බාධා ඇතිවෙලා. ස්ව ජාතික කලාකරුවන්ට ජාත්‍යන්තරයට යෑමට අපි ගත් පියවරින් හැකිවෙනවා.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

මෘදුකාංග අපනයනයෙන් පසුගිය වසරේ බිලියන 1.7 ක විදේශ මුදලක් උපයයි

අපි යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවුණා. ලංකාවේ තත්ත්වය අවබෝධ කරගෙනයි ඔවුන් පැමිණ ඇත්තේ. සිවිල් අයිතිවාසිකම් සීමාවීම, මානව හිමිකම් කඩවීම ගැන දැනගෙනයි ආවේ. එහෙත් විපක්‍ෂ නායකතුමා කිව්වා මොන ප‍්‍රශ්න තිබ්බත් ජී. එස්. පී. සහනය නැති කරන්න එපා කියලා. ඔවුන්ගේ නායකයා කිව්වා අපි දුර සිට ලංකාවේ සිදුවන දේ දැක්කා කියලා. 2015 යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවලට පුදුම වූ බව ඔවුන් කිව්වා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති එක එක මේ ආණ්ඩුව හරවනවා කිව්වා. සුදුලූනු වංචාව ගැන ලිව්ව නිසා මාධ්‍යවේදීන් සී.අයි.ඞී.යට කැඳවන්න තීරණය කළා. ඒත් සිද්දියට සම්බන්ධ කවුරුවත් කැඳවා නැහැ.

තුෂාන් ගුණවර්ධන පැහැදිලිවම කිව්වා වංචාව සිදුව ඇති බව. පැමිණිලි අවශ්‍ය නැහැ. පරීක්‍ෂණයක් කරන්න.

ජී.එස්.පී. ප්ලස් ගැන අපි මොනවා කිව්වත් ඒ අය මොන තීන්දු ගනීද දන්නේ නැහැ. 20 වන සංශෝධනය ආපසු හැරවිය යුතුයි. යුරෝපා සංගමයේ නියෝජිතයන් කිව්වා ලංකාවේ බලතල බෙදාගැනීමක් නැති බව. ආණ්ඩුවේ අවස්ථාවාදී කි‍්‍රයා නිසා ජාත්‍යන්තරයේ විශ්වාසය ලබාගන්න බෑ.

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන

19 වන සංශෝධනය ගෙනාපු යහපාලන ආණ්ඩුව මැතිවරණ තුනම පරාද වුණා. පුංචි ඡුන්දයත් පාර්ලිමේන්තුවත්, ජනපතිවරණයත් පරාදයි. එයින් 19 පරාද බව පේනවා. 20 ආපසු හරවන්න අපි සූදානම් නැහැ. එන හැම අභියෝගයකටම අපි මුහුණ දෙන්න සූදානම්. අභියෝගය අපි මගහැර යන්නේ නැහැ.

2015 සිට 2019 දක්වා රට තිබී ඇත්තේ දිව්‍ය ලෝකයක. දැන් තමයි මනුලෝකේ ඉන්නේ. විපක්‍ෂය කියන විදිහට අපි ගිය වසර පහේ සැප විඳලා තියෙන්නේ. මොනවද මේ විහිළු කතා.

කොවිඞ් නිසා රට ඉතා භයානක අඩියකට ආවා. රට වහන්න සිදුවුණා. ආර්ථික ප‍්‍රශ්න රැුසකට මුහුණ දුන්නා. දැන් තමයි හොඳ පැත්තකට රට හැරෙමින් පවතින්නේ.

මරණ බයෙන් සිටි අය තරමක සුසුමක් හෙළන්න යද්දී ගුරුවරුන්ගේ සංගම් යළි රට වහන්න හදන දිශාවට රැුගෙන යෑමට උත්සාහ කරනවා. මේ රට අකර්මණ්‍ය කරන්න පුළුවන්ද බලනවා. දේශපාලන කෝණයෙන් බලා රට අකර්මණ්‍ය කරන අයට නොව සැබෑ ගුරුවරුන්ගෙන් නිවැරදි තීරණ ගන්න කියා ඉල්ලනවා.

මේ රටේ එක බිම් අඟලක් 2019 ආණ්ඩුව ගත්තට පස්සේ අද දක්වා විකුණා තියෙනවා නම් අපට පෙන්වන්න. විකුණුම හා ආයෝජනය කුමක්ද කියා හොඳින් බලාගත යුතුයි.

අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තියෙනවා පෞද්ගලික අංශය සමඟ ඉදිරියට යනවා කියලා.

ඔරුවල වානේ, ටයර් කම්හල, කඩදාසි කම්හල් සියල්ල තිබුණු රටක්. එජාප ආණ්ඩු නිසයි රට මේ තත්ත්වයට පත්වුණේ. අපි විකුණන්න ආපු ආණ්ඩුවක් නොවෙයි.

ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සම්පත් අතුකෝරල (පො.පෙ)

යහපාලන ආණ්ඩුව විනාශ කරපු රට යළි ගොඩනැ`ගීමට ජනපති කි‍්‍රයාකරමින් ඉන්නවා. විපක්‍ෂ නායකතුමා බොරු රංගනවල යෙදෙනවා. ඔහුව ජනතාව තේරුම් අරගෙන ඉන්නේ. එදා ඇමැතිවරුන් ලෙස අමාත්‍යාංශය අනවශ්‍ය ලෙස සේවකයන්ගෙන් පිරෙව්වා. අද ඔවුන් අසරණයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment