මෘදුකාංග නිර්මාතෘ ජෝන් මැක්ඇෆිගේ ලිපියේ අත්අකුරු වෙනත් අයකුගේ… බිරිය ජැනිස් මැක් ඇෆි හෙලි කරයි

307

මෘදුකාංග නිර්මාතෘ ජෝන් මැක්ඇෆි ලියු බව කියන සියදිවි නසා ගැනීමේ ලිපිය ගැන තමාට බලවත් සැකයක් ඇතැයි ඔහුගේ  බිරිය කියා සිටී. මේ ලිපියේ අන්තර්ගත කරුණුවලින් ඔහු දිවි නසා ගන්නා බව දක්වා නැතැයිද ඇය පැවසූවාය. ජැනිස් මැක් ඇෆි තවදුරටත් සඳහන් කළේ සිය සැමියා කිසිදිනෙක දිවි නසා ගන්නා බව පවසා නැති බවයි.

ඇය එම ලිපිය ටුවිටර් අඩවිය වෙත නිකුත් කරමින් සඳහන් කළේ එහි ඇති අත්අකුරුද සැකයට ලක්වන බවයි. ජෝන් මැක්ඇෆිගේ අත්අකුරු අනුකරණය කර ඇති බව සඳහන් කළ ජැනිස්් මැක්ඇෆි දිවිනසා ගැනීමේ ලිපිය සාක්කුවට ඇතුළුකර ඇත්තේ කිසියම් පුද්ගලයකු බවද සැකකරන බව කීවාය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment