මෙක්සිකෝවේ මෝටර් රථයකින් මළ සිරුරු 10ක් මතු වෙයි

410

මධ්‍යම මෙක්සිකෝවේ සකටෙකාස් නගරයේ නවතා තිබූ මැස්ඩා වර්ගයේ මෝටර් රථයක තිබී මළ සිරුරු 10ක් හමුවීම හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ආණ්ඩුකාරවරයාගේ නිවස ඉදිරිපිට මළ සිරුරු සහිත රථය දමා පැන යෑමට උත්සාහ දැරීමේදී අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ආණ්ඩුකාර ඬේවිඞ් මොන්රියල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනය කර තිබේ.

මෝටර් රථයේ තිබී සොයා ගැනුණු මළ සිරුරුවල මිය ගිය අයට පහර දී මරා දමා ඇති බව පෙනී යන බව ආණ්ඩුකාර මොන්රියල් පවසා තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් අරඹා ඇති අතර එයට සහය වීම සඳහා මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද නිලධාරීන් සකටෙකාස් නගරය වෙත ඒවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment