මෙගාවොට් 2700 ක පුනර්ජනනීය ව්‍යාපෘති ඇරඹීමට හැකිවෙයි

1348

ශ්‍රී ලංකා විදුලි (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් නිසා මෙගාවොට් 2000ක සුළං සහ මෙගාවොට් 700ක සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියි.2009 අංක 20 දරන විදුලි පනත සංශෝධනය කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තත් විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු ලංවිම වෘත්තීය සමිති ඊට එරෙහිවීම නිසා මෙම ව්‍යාපෘති අතරමඟ නවතා දමා තිබිණි.කෙසේ වෙතත් ඉකුත් බ්‍රහස්පතින්දා (9 වැනිදා) මෙම ශ්‍රී ලංකා විදුලි (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ නිසා අවසන් අනුමැතිය ලැබී තිබෙන සූර්ය හා සුළං විදුලි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි වෙතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ විශ්වාසය පළකර සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment