මෙගාවොට් 300 ක ජනන යන්ත‍්‍රය දින 48 ක් තිස්සේ කැඩිලා – ගල්අගුරු ඇත්තේ තව මාස 3 කටයි

181

* අප‍්‍රියෙල් වාරකන් නිසා පස්සෙ ගෙනාවත් ගොඩබාන්න බෑ;

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත ප‍්‍රමාණය මාස තුනකට පමණක් සීමාවී ඇතැයි නොරොච්චෝල බලාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙගාවොට් 300 ක ජනන යන්ත‍්‍රය දින 48 ක් තිස්සේ කැඩිලා - ගල්අගුරු ඇත්තේ තව මාස 3 කටයි

ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට එම ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් දින 47 ක් තිස්සේ යළි පද්ධතියට එක් නොකර සිටින්නේ ගල්අඟුරු සංචිත ආරක්‍ෂා කර ගැනීමට දැයි කළ විමසීමේදී එම නිලධාරියා කියාසිටියේ ඇත්තටම එම විදුලි උත්පාදන යන්ත‍්‍රයේ දෝෂයක් තිබෙන බවයි.

නමුත් මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව ඇත්තේ ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයක් පමණකැයි ද ඒ මහතා කීය.

මෙගාවොට් 300 ක එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් 2736 ක් අවශ්‍යයි. ඒ අනුව මෙගාවොට් 300 බැගින් වූ විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනම කි‍්‍රයාත්මක කිරීමට දිනකට අවශ්‍ය ගල්අඟුරු ප‍්‍රමාණය ටොන් 8208 කි. ඒ අනුව මාසයක කාලයකට විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මුළු ගල්අඟුරු ප‍්‍රමාණය ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් 246,240 කි.

නමුත් මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ඇත්තේ මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයකි. එම ප‍්‍රමාණය මාස තුනකටවත් සෑහෙන්නේ නැතැයි ද එම බලාගාරයේ යන්ත‍්‍ර තුණම ඉකුත් මාසයේ කි‍්‍රයාත්මක කළේ නම් සංචිත තවත් අඩුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉකුත් වසරේ අගභාගයේදී හදිසි මිලදී ගැනීම් යටතේ ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවුවත් සමාගම් මිල ගණන් ඉදිරිපත් නොකළ බව ලංවීම සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘දිවයින’ට කීය. එනිසා මෙරටට ගෙන ඒමට සැලසුම් කළ ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයක් අහිමි වූ බවද ඒ මහතා සඳහන් කළේය.

මෙහි බරපතළම ප‍්‍රශ්නය වී ඇත්තේ ලබන අපේ‍්‍රල් මාසයට පර ගල්අඟුරු මිලදී ගැනීමට නොහැකි වී තිබීමත් අපේ‍්‍රල් සිට ඔක්තෝම්බර් දක්වා වාරකන් කාලය බැවින් ගල්අඟුරු ගෙනාවත් ඒවා ගොඩබෑමට නොහැකි වී තිබීමත්ය. මේ සියලූ ප‍්‍රශ්නවලට හේතුව ඩොලර් සංචිත අර්බුදය යැයි ද සභාපතිවරයා කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment