මෙදා තුර්කියේ ‘අයා’ ගේ කතාව එදා සංකිච්ච හිමි සිහි ගන්වයි

485

‘අයා’

“මම දැන්ම කාටවත් ඈව හදාගන්න දෙන්නේ නැහැ. ඇගේ දුර ඥාතීන් එනකල් මම ඈට මගේම දරුවෙක් විදියට සලකනවා,” අයා ළදැරියට සිව් මසකින් වැඩිමල් දියණියක් සිටින වෛද්‍ය අටියාහ් කියා සිටියේය. දැනට, ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දැරියට මෙන්ම අයා ළදැරියට ද මව්කිරි පොවමින් රැකබලා ගනියි. අයාගේ උපන් නගරය වන ජින්දයිරිස්හි ජනයා තවමත් කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තම ආදරණීයයන් සොයමින් සිටිති.

පසුගිය 06 වැනි සඳුදා දින ඇතිවූ තුර්කි-සිරියා භූ කම්පනයෙන් පසු, වයඹදිග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට බිහිව සිටිය දී සොයාගනු ලැබූ ළදැරිය හදාවඩා ගැනීම සඳහා දුසිම් ගණනක් දෙනා ඉල්ලීම් ඉදිරිපත්කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබිණි. ජින්දයිරිස් නගරයට භූ කම්පනයෙන් සිදුවූ හානි හේතුවෙන් ඇගේ මව, පියා හා සොයුරු සොයුරියන් සිව්දෙනා මරණයට පත්විය. ඇය ගලවාගනු ලැබූ අවස්ථාවේ දී ‘අයා‘ (අරාබි බසින් ‘ප්‍රාතිහාර්යය‘ යන අරුත් දෙන නමකි) ළදැරිය පෙකණි වැලෙන් ඇගේ මවට සම්බන්ධ වී සිටියා ය. “සඳුදා එයාව අරන් ආවේ නරක තත්ත්වෙක ඉඳිද්දී. එයාගේ ඇඟ ගෙඩි ගැහිලා, තැලිලා තිබුණා. එයාට හීතල වෙලා, අමාරුවෙන් හුස්ම ගනිමින් හිටියේ,” ඇය රැකබලා ගන්නා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වන හනී මරූෆ් පවසයි. නමුත් දැන් ළදැරිය ස්ථාවර තත්ත්වයක පසුවෙයි. මේ කුඩා බිලිඳිය ගලවාගනු ලැබීම පෙන්නුම් කළ විඩියෝව සමාජ මාධ්‍ය ජාලයන්හි බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර තිබිණි. දූවිල්ලෙන් වැසී සිටින ළදරුවෙකු වඩාගත් මිනිසෙකු කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් දිවයනු එම විඩියෝ දර්ශනයෙන් පෙන්නුම් කෙරිණි. රෝහලේ කළමනාකරු කාලිඩ් අටියාහ් පවසන පරිදි, අයා ළදැරිය හදාවඩා ගැනීමට කැමති ලොව වටා පුද්ගලයන්ගෙන් සිය ගණනක් දුරකථන ඇමතුම් ඔහුට ලැබී තිබේ. “මම දැන්ම කාටවත් ඈව හදාගන්න දෙන්නේ නැහැ. ඇගේ දුර ඥාතීන් එනකල් මම ඈට මගේම දරුවෙක් විදියට සලකනවා,” අයා ළදැරියට සිව් මසකින් වැඩිමල් දියණියක් සිටින වෛද්‍ය අටියාහ් කියා සිටියේ ය. දැනට, ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දැරියට මෙන්ම අයා ළදැරියට ද මව්කිරි පොවමින් රැකබලා ගනියි. අයාගේ උපත් නගරය වන ජින්දයිරිස්හි ජනයා තවමත් කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තම ආදරණීයයන් සොයමින් සිටිති.

මෙදා තුර්කියේ ‘අයා’ ගේ කතාව එදා සංකිච්ච හිමි සිහි ගන්වයි
නෙක්ලා

සුන්බුන් යට උපන් බිලිඳියගේ කතාව අසන්නට ලැබුණු පසු අපට මතක්වූයේ වසර 2500කට බුදුන්ගේ කාලයේ කතාවකි. ඒ සංකිච්ච හිමියන්ගේ කතාවයි. සංකිච්ච සාමණේරයන් ඉපදුණේ සැවැත් නුවර ඉතාමත් ධනවත් පවුලකයි. උන්වහන්සේ මව්කුසේ මෝරා වැඩෙද්දී මෑණියන් කලුරිය කළා. සිටු පවුලේ උදවිය සොහොනට ගෙනිහින් ඒ දරු ගැබ සහිත වූ මළ සිරුර දැව්වා. සොහොන්පල්ලා ඒ ගිනි ගන්නා මළසිරුරට අනිමින් දර කැබලි ළං කළා. අර මළසිරුර දැවී ගියා. නමුත් දරුගැබ ඉතුරු වුණා. ගිනි අඟුරු ගොඩේ ඉතිරි වූ දරු ගැබත් අළු කරන අදහසින් සොහොන් පල්ලා එයට රිටකින් ඇන්නා. එය වැදුණේ දරුගැබේ සිටිය දරුවාගේ ඇස් කොණටයි. සොහොන් පල්ලා ඒ වටා ගිනි අඟුරු රැස් කොට දර දමා පිටත්ව ගියා. දරුගැබේ මාංශයත් දැවී ගියා. පසුවදා චිතකය නිවීමේ අදහසින් පැමිණි ඥාාතීන්ට දකින්නට ලැබුණේ ඇස් අදහාගත නොහැකි දෙයක්. ඉතාම ලස්සන රන්වන් පැහැයෙන් යුතු දරු සිඟිත්තෙක් අර නිවී ගිය අඟුරු මත සිටින අයුරු දකින්න ලැබුණා. “ඒයි…! වරෙල්ලා…! මේ බලාපල්ලා…! දිව්‍ය කුමාරයෙක් වගේ ලස්සන සිඟිත්තෙක් මේ අඟුරු ගොඩේ ඉන්නවා…. මෙවැනි දෙයක් අදහාගන්නේ කොහොමද? සැබැවින්ම පුදුම සහගතයි…”ඔවුන් මේ දරුවා වඩාගත්තා. ඔවුන් විශ්වාස කළේ ඒ දරුවා මිනිස් දරුවෙක් නොවන බවයි. එනිසා ඉක්මනින්ම දරුවත් රැගෙන නිමිති බලන්න ගියා. නිමිති බලන අය මෙහෙම කිව්වා,මෙහෙම කියලා දරුවාගේ අංග ලක්ෂණ බැලුවා. “අනේ…! චූටි කිරිසප්පයාගේ ඇහේ කොණක් තුවාල වෙලා නෙව. අපි මේ සිඟිත්තාට සංකිච්ච කියා නම තබමු.” සංකිච්ච හිමියන් පැවිදිව වයස අවුරුදු හතේදී මහරහත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එක් අවස්ථාවක සොරුන් කණ්ඩායමක් සංකිච්ච හිමියෝ බිලි පූජාවකට බිලිදීමට කඩුවෙන් පහර දුන් විට සිදුවූයේ කුමක්ද ? අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක.

දහස් ගණනකට මරු කැඳවමින් තුර්කියේ සහ සිරියාවේ මාරාන්තික භූමිකම්පාවක් සතියක් ඉක්මවා ඇත. නමුත් බලාපොරොත්තු සුන්වීම, මහා ඛේදවාචක මධ්‍යයේ “ආශ්චර්යයන්” පිළිබඳ කථා ද තිබේ. මේ ඉන් එකකි. පසුගිය ජනවාරි 27 වන දින නෙක්ලා කැමූස් තම දෙවන පුත්‍රයා බිහි කළ විට, ඇය ඔහුට “නිර්භීත තැනැත්තා” යන අර්ථය ඇති යාගිස් යන නම තැබීය. යන්තම් දින 10 කට පසුව, දේශීය වේලාවෙන් 04:17 ට, නෙක්ලා දකුණු තුර්කියේ හටේ පළාතේ තම නිවසේ තම පුතාට කිරි දීමට අවදි විය. මොහොතකට පසු ඔවුන් සුන්බුන් ගොඩවල් යට වැළලී ගියේය. නෙක්ලා සහ ඇගේ පවුලේ අය ජීවත් වූයේ සමන්දාග් නගරයේ නවීන පස් මහල් ගොඩනැගිල්ලක දෙවන මහලේය. භූමිකම්පාවෙන් එම ප්‍රදේශය කැඩී බිඳී යන බව ඇය දැන සිටියේ නැත.

“භූ කම්පනය වැඩි වෙද්දී, බිත්තිය කඩා වැටෙමින්, කාමරය සෙලවෙමින්, ගොඩනැගිල්ලේ පිහිටීම වෙනස් වෙමින් පැවතුනි, එය නතර වූ විට, මම එක තට්ටුවක් පහළට වැටී ඇති බව මට වැටහුණේ නැත. මම ඔවුන්ගේ නම් කෑගැසුවෙමි. නමුත් පිළිතුරක් නැත. 33 හැවිරිදි ඇය තම දරුවා පපුව මත තබාගෙන වැතිර සිටියාය. ඇය අසල වැටී තිබූ ඇඳුම් අල්මාරියක් නිසා කොන්ක්‍රීට් ලෑල්ලක් ඔවුන් මතට වැටීම වැළකිණි. එනිසා මව හා බිලිදා වාසනාවන්තයෝ විය.

පැය 90කට වැඩි කාලයක් පොළොව යට සිරවී සිටින විට නෙක්ලාට බල්ලන් බුරන හඬ ඇසුණි. ඇය සිහින දකින්නේදැයි ඇය කල්පනා කළාය.

බුරන හඬ ළඟින්ම ඇසෙන්නට විය. “ඔබ හොඳින්ද? ඔව් සඳහා වරක් තට්ටු කරන්න,” එක් අයෙක් සුන්බුන් අතරට කතා කළේය. “ඔබ ජීවත් වන්නේ කුමන මහල් නිවාසයේද?” ඉස්තාන්බුල් මහ නගර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගලවා ගැනීමේ කණ්ඩායම ඇය සොයාගෙන තිබුණි. අඳුර බිඳී ගියේ ගලවා ගැනීමේ කණ්ඩායමේ දැල්වූ පන්දම් එළියකිනි. මේ කණ්ඩායම යාගිස්ගේ වයස කීයදැයි විමසූ විට, නෙක්ලාට සහතික විය නොහැක. භූමිකම්පාව සිදු වූ විට ඔහුගේ වයස දින 10 ක් බව ඇය දැන සිටියාය. වාසනාවට නෙක්ලා සහ යාගිස් බරපතළ ශාරීරික තුවාල ලබා නොතිබුණි. ඔවුන් මුදා හැරීමට පෙර නිරීක්ෂණ සඳහා පැය 24 ක් රෝහලේ තබා තිබිණි. නෙක්ලාට ආපසු යෑමට නිවසක් නොතිබුණත්, පවුලේ සාමාජිකයෙක් ඇයව තාවකාලික නිල් කූඩාරමකට වෙත ගෙනයන ලදී. මෙහි 13 දෙනෙක් සිටිති. මේ සියල්ලන්ටම ඔවුන්ගේ නිවාස අහිමි වී ඇත. කූඩාරම තුළ, පවුලේ අය එකිනෙකාට සහයෝගය දක්වයි, කුඩා උදුනක් මත කෝපි භාජන සාදමින්, චෙස් සෙල්ලම් කරමින් සහ ඛේදවාචකය ගැන කතන්දර බෙදාහදා ගනී. නෙක්ලා පවසන්නේ තම ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙන් ඇය යාගිස්ට ණයගැති බවයි.

එය විශාල භූ කම්පනයක් විය. දකුණු තුර්කියේ ගාසියාන්ටේප් අසල සිදුවූ කම්පනය ඒකක 7.8ක් ලෙස ගණන් බලා ඇති අතර, එය නිල ප්‍රබලත්ව පරිමාණයෙන් “මහා පරිමාණ” කම්පනයක් ලෙස වර්ගකර තිබේ. එහි කේන්ද්‍රය සාපේක්ෂ වශයෙන් නොගැඹුරක පිහිටි අතර (මතුපිට සිට කිලෝමීටර 18ක් යටින්), මතුපිට ගොඩනැගිලිවලට බරපතළ හානි සිදුකළේ ය. පෘථිවියේ කබොල සෑදී ඇත්තේ ‘භූ තැටි‘ ලෙස හැඳින්වෙන වෙන් වෙන් කොටස්වලිනි. මේවා එකිනෙක එකට ගැවී පිහිටා තිබේ. මේ තැටි නිතර චලනය වීමට තැත්කරන මුත්, ඒවාට ආසන්න තැටිවල ගෑවීමෙන් ඇතිවන ඝර්ෂණය මගින් එය වළකාලයි. නමුත් ඇතැම් විටෙක ඒවා අතර පීඩනයක් ගොඩනැගී අවසානයේ එක් තැටියක් එකවර ගැස්සී චලනය වන අතර, මේ නිසා මතුපිට පොළොව චලනය වෙයි.

මෙම භූ කම්පනය ඇතිව තිබෙන්නේ අරාබි තැටිය උතුරු දෙසට ගමන්කර, ඇනටෝලියානු තැටියේ ගැටීමෙනි. මෙම භූ තැටි අතර ඝර්ෂණය හේතුවෙන් අතීතයේ දී ද බොහෝ හානිදායක භූ කම්පනයන් ඇතිවී තිබේ. භූ කම්පනයන් මනිනු ලබන්නේ moment magnitude scale යනුවෙන් හැඳින්වෙන පරිමාණයකිනි. ඒකක 2.5 හෝ ඊට අඩු ප්‍රබලත්වයක කම්පනයක් මිනිසුන්ට නොදැනෙනු ඇතිමුත් භූ කම්පනමාන උපකරණ හරහා නිරීක්ෂණය වෙයි. ඒකක 5 දක්වා කම්පනයන් මතුපිටට දැනෙන අතර සුළු හානි සිදුකරයි. ඒකක 7.8ක් ලෙස වර්ගකර ඇති තුර්කි භූ කම්පනය ප්‍රබල භූ කම්පනයක් වන අතර, මේ අවස්ථාවේ දී සිදුව තිබෙන්නාක් මෙන් දරුණු අලාභහානි සිදුකරයි. ඒකක 8ට වැඩි ඕනෑම භූ කම්පනයක් විසින් මහා විනාශකාරී අලාභයන් සිදුකරනු ඇති අතර, කම්පන කේන්ද්‍රයේ පිහිටි ජනාවාසයන් සම්පූර්ණයෙන් විනාශකර දැමීමට

හැකි ය. තුර්කියට හා සිරියාවට බලපෑ මේ භූමිකම්පාවෙන් මියගිය පිරිස පනස්දහස ඉක්මවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත. 2011 වසරේ ජපාන වෙරළ තීරය ආසන්නයේ සිදුවූ භූ කම්පනයේ ප්‍රබලත්වය ඒකක 9ක් ලෙස සටහන් වූ අතර, ජපාන ගොඩබිම තුළ ඇතිවූ පුළුල් හානියට අමතරව දැවැන්ත සාගර රැළි මාලාවක් ඇති කළේ ය – වෙරළබඩ පිහිටි න්‍යෂ්ටික බලාගාරයක මහා පරිමාණ අනතුරක් සිදුකිරීමට මින් එක් රැල්ලක් මුල්විය. මෙතෙක් වාර්තාගත ප්‍රබලතම භූ කම්පනය ඒකක 9.5ක් වන අතර, 1960 දී චිලියේ සිදුව තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment