මෙදා නත්තලේ ෆැලන් ගෙදර

248

යෞවනයේ සිහින සැබෑ කරන සිහින තාරුකා පෙළහරින් තරුවක් වුණු ෆැලන් ඇන්ඩි‍්‍රයා ඉතාම කෙටි කාලයකදී සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණ තරුවක්. රියැලිටි තරුවක් නොවී ඇයටම ආවේණික හැඩයකට ගමනක් යන්න හදන ෆැලන් මේ නත්තලේ මොනවද කරන්නේ කියලා දැනගන්නත් අපි අදහස් කළා. මීවිත ඇය වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කළෙත් ඒ නිසාමයි.

 * ෆැලන් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ?

 ලොක්ඩවුන් එක අවසන් වුණ ගමන් දැන් තමයි වැඩ පටන් ගත්තේ. සන්තෝෂයි කියන්න ඇත්තටම කාර්ය බහුලයි.

 * මෙවර නත්තල් ඔබට සුවිශේෂයි නේද?

 සුවිශේෂයි කියන්නේ ඔව් සුවිශේෂයි. මොකද ගිය අවුරුදු දෙකේම අපිට හරියට නත්තල සමරන්න බැරිවුණා. නමුත් මේ පාර නත්තල මම ආසා දේ කරන ගමන් මගේ පවුලේ කට්ටියත් එක්ක එකට ඉඳගෙන සමරන්න පුළුවන් නත්තලක් වේවි.

 * අද නත්තල් දවසේ ඔයා මොනවද කරන්නේ?

 අපි පවුලේ කට්ටිය එකට තමයි නත්තල සමරන්නේ. 24 වැනිදා ඊයේ අපි එකට පල්ලි ගියා. ඒ වගේම අද දවසෙත් මුකුත් වැඩක් නැතිව ගෙදර තමයි නත්තල සමරන්නේ.

 * රූපවාහිනි වැඩසටහන්වලින්

 ආරාධනා නැතිද?

 ආරාධනා තියෙනවා. කලින් රූගත කිරීම් කළ වැඩසටහන් අද විකාශනය වුණාම අද දවසේ මම මොකුත් වැඩ භාරගත්තේ නැහැ. මම පවුලේ කට්ටිය එක්ක තමයි නත්තල සමරන්නේ.

 * ෆැලන්ගේ අලූත් නිර්මාණවලට මොකද වුණේ?

 දැනට එළියට ඇවිත් තියෙන ටික බොහෝ දෙනෙක් අඳුනන්නේ නැහැ. මොකද මේ පැන්ඩමික්් කාලයත් එක්ක මට ප‍්‍රමෝට් කරන්නවත් ඒවා හරියට ප‍්‍රඩක්ෂන් එකක් විදිහට කරගන්න බැරිවුණා. සතුටුයි කියන්න ජනවාරි මාසයේ මගේ පළමුවැනි මියුසික් වීඩියෝ එක එළියට එනවා. ඉතිං එතැන ඉඳල නොනවතින ගමනක් යන්න තමයි සූදානම.

මෙදා නත්තලේ ෆැලන් ගෙදර



 * සැමදා පායා ඉන්න රියැලිටි තරුවක් වෙන්න ෆැලන් පොඩි උත්සාහයක් ගන්නවා නේද?

 ඔව්. එහෙම හිතෙනවා නම් මම ඇත්තටම සතුටුයි. මොකද මගේ බලාපොරොත්තුවත් ඒක තමයි. සංගීත ක්‍ෂේත‍්‍රයට මාව හඳුන්වලා දීලා වසරක වගේ කෙටි කාලයක් ගත වෙන්නේ. ඉතිං මේක තමයි මගේ වෘත්තිය. මම දැන් ගායිකාවක් විදිහට වැඩ කරන්නේ.

 * රියැලිටි වේදිකාවේ අනුන්ගේ සිංදු කිව්ව ෆැලන්ට මිනිස්සුන්ට අමතක නොවන සින්දු දෙන්න පුළුවන් වෙයිද?

 අනිවාර්යයෙන්ම. ඒක තමයි මගේ පරමාර්ථය. ඒක තමයි මගේ ගෝල් එක. දැනටත් මගේ ගීත තියෙනවා. හැම මාසයකම වගේ මගේ අලූත් ගීතයක් අහන්න පුළුවන් වේවි.

 * අනුන්ගේ සින්දු කියලා සල්ලි හම්බකරන්නේ නැතිද?

 මෙහෙමයි. රියැලිටි ෂෝ එකකින් එන තරුවලට තියෙන කමෙන් කම්ප්ලේස් එකත් ඕක තමයි. හැබැයි ඔවුනුත් අසරණ වෙන වෙලාවල් තියෙනවා. අවුරුද්දක් පුරා රියැලිටි තරගාවලියේ අපි කියන ගීතවලට ඇලූම් කරන රසික රසිකාවියන් පිරිසක් අපිට එකතු වෙනවා. එතකොට සමහර වෙලාවට අපි එළිමහන් ප‍්‍රසංගවලට සින්දු කියන කොට අර ගීතත් ගායනා කරන්න සිද්ධ වෙනවා. ඒ ඉල්ලීම් අහක දාන්න බැරි වෙලාවලූත් තියෙනවා. හැබැයි ක්‍ෂේත‍්‍රයට ආපු නවකයෝ විදිහට අපි දැනගන්න ඕනෑ ඒ වගේ අවස්ථාවන්වල අපගේ නීති රීති රාමුවක් තියා ගන්න.

 * ෆැලන් බටහිර පන්නයට පුංචි නැඹුරුවක් තියෙනවාද?

 එහෙම හිතෙන්නේ සමහර විට මගේ කට හඬ ගැඹුරු බව නිසා වෙන්න පුළුවන්. මම ආස පර්ෆෝමින් විදිහට ස්ටේජ් එකේ ඉන්න තමයි. ෆාස්ට් නම්බර්ස් කියන්න මම ගොඩක් කැමතියි. නමුත් මම ශාස්තී‍්‍රය සංගීතය හදාරලා තියෙනවා. ඒ පැත්තෙනුත් යම්කිසි දුරකට ගීත කරලා තියෙනවා. ඒ පැත්තෙනුත් මගේම ගීත මම ගායනා කරලා තියෙනවා. ඉතිං මගේ නැඹුරුව තියෙන්නේ වෙස්ටර්න් මියුසික් වුණාට හැම සංගීත ශෛලියකටම ආදරය කරන කෙනෙක්.

 * ෆැලන් කොරීන්, ජින්ජර් වගේ ගායිකාවන් අනුකරණය කරනවා නේද?

 නැහැ. අනුකරණය කිරීමක් කිසිම වෙලාවකවත් කරන්නේ නැහැ. නමුත් කට්ටිය කියනවා කොරීන්ට පස්සේ එනකෙනා ඔයා. කොරීන් වගේ ඔයත් කියලත් තියෙනවා. මමත් ස්ටේජ් පර්ෆෝමින් ඉස්මතු කරලා සින්දු කියන හින්දා එහෙම කියනවද දන්නේ නැහැ. මේ චරිත මම බොහොම ගරු කරන චරිත. හැබැයි තවත් කොරීන් අල්මේදා කෙනෙක් කියලා කියනවට වැඩිය ෆැලන් ඇන්ඩි‍්‍රයා කියල වෙනස්ම විදිහට අඳුර ගන්නවානම් තමයි මම කැමති.

  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment