මෙන්ඩිස්ටත් කොවිඩ්

194

විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ඔස්ටේ‍්‍රලියාවට ගොස් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එරටදී සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවකදී මේ බව තහවුරු වූ බවට ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක ඊයේ (08 වැනිදා* සඳහන් කර සිටියේය.

කොරෝනා තත්ත්වය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට ඔස්ටේ‍්‍රලියාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩකඩක් ඇති අතර මේ සම්බන්ධවෙන් පැහැදිළි තීරණයක් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් වෙනුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ රැුකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල් වෙත පැවරීමට වැඩි ඉඩක් ඇති බවද දසුන් ශානක කියා සිටියේය.

මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලබා සිටින චාමික කරුණාරත්නට සහ නුවන් තුෂාරට තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවක් ඇතැයිද ශී‍්‍ර ලාංකා නායකයා ඊයේ වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment