මෙන්ඩිස් සී.සී.සී. අතහැර එස්.එස්.සී. හා එක්වෙයි

522

තරග තහනමකට ලක්වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස් මේ දක්වා තමන් නියෝජනය කළ කොළඹ කි‍්‍රකට් සමාජය (සී.සී.සී) අතහැර සිංහල කි‍්‍රකට් සමාජය (එස්.එස්.සී.) කී‍්‍රඩා සමාජය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට තීරණය කර තිබේ. එ් අනුව එළැඹෙන අන්තර් සමාජ පළමු පෙළ කි‍්‍රකට් තරගාවලියේදී මෙන්ඩිස් එස්.එස්.සී. පිල නියෝජනය කරමින් කී‍්‍රඩා කරන බවට වැඩිදුරටත් වාර්තා වේ.

 කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පසුගිය ජුනි මාසයේදී පැවැති එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂක බුබුලේ නීති උල්ලංඝනය කිරීම සහ විනය විරෝධී කි‍්‍රයා සිදු කිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තහනමකට ලක්විය. මාස 6ක දේශීය තරග තහනමක්ද ඊට ඇතුළත්වී තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඉදිරියේදී පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

 එස්.එස්.සී. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා හිටපු කී‍්‍රඩක තිළිණ කන්ඩම්බි කටයුතු කරන අතර එහි කි‍්‍රකට් ප‍්‍රධානියා ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි. කුසල් මෙන්ඩිස් 2015 වසරේ සිට වසර 06ක් සී.සී.සී. කණ්ඩායම නියෝජනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment