මෙන්න අවුරුදු උත්සව…

585

මෙරට සංචාරය කරනු ලබන විදේශීය සංචාරකයින් සඳහා සංවිධානය කරනු ලැබූ අලු‍ත් අවුරුදු උත්සවයක් 15දා කම්කරු හා විදේශීය රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුණ මුහුදු තීරයේ දී පවත්වනු ලැබීය.

සංස්කෘතික අංග රැසකින් අලු‍ත් අවුරුදු උත්සවය වර්ණවත් වී තිබුණි. එය විදේශීය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් විය. විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන්කර තිබූ අලු‍ත් අවුරුදු කෑම මේසය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණි. විදේශිකයින් සඳහා කණා මුටිටිය බිඳීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගස නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුළු තරග රැසක් සංවිධානය කොට තිබුණි. දේශීය නැටුම් හා බේරවාදන සහිත සංස්කෘතික අංග ද අවුරුදු උත්සවය සඳහා එක්කොට තිබූ අතර විදේශීය සංචාරකයින්ගේ දරුවන් වෙනුවෙන් වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක්ද සංවිධානය කර තිබුණි.

මෙන්න අවුරුදු උත්සව…
මෙන්න අවුරුදු උත්සව…
මෙන්න අවුරුදු උත්සව…
මෙන්න අවුරුදු උත්සව…
මෙන්න අවුරුදු උත්සව…

දේශීය ආහාර සකස් කිරීම පිළිබඳ සජීවි අත්දැකීම් සංචාරකයින්ට ලබාදීම සඳහා දේශීය කැවිලි සහිත ගැමි මුළුතැන් ගෙයක්ද අලු‍ත් අවුරුදු උත්සවය සඳහා එක්කර තිබුණි. මෙකී අලු‍ත් අවුරුදු උත්සවය සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කොට තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment