මෙන්න පොලිසියේ මහත්වරු

414

පානදුර දෙස සිට කළුතර දෙසට තියුණු කඩු 6 ක්, මුහුණු ආවරණ සහ ජැකට් රැගෙන පලාගිය මෝටර් රථයක් කිලෝමීටර් 5ක් ලුහුබැඳ අහසට වෙඩි තබා අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය ඇගයීමේ වැඩසටහනක් පසුගිය පානදුර දකුණ පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

මෙන්න පොලිසියේ මහත්වරු

 මෙහිදී පොලිස් කොස්තාපල්වරුන් වන සී. විදානගම (72755) සහ සුබෝධ (103484) යන නිලධාරීන් විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් වැළැක්වීමේ සේවය අගයා පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා අතින් ඔවුනට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී.

 බණ්ඩාරගම – ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment