මෙන්න සතොස අමන වැඩක්

283

උර අරගෙන එන්න බැරිනම් එළියට යන්න
විදුලිය කපන වෙලාවට බඩු දීමත් නවත්වයි
පාරිභෝගිකයන්ගේ ඇඟටත් කඩාපනියි

බොහෝ සතොසවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන අයට උර නොමැති බව පවසමින් අපහසුතාවයට පත් කරන බව පාරිභෝගිකයෝ ඊයේ “දිවයින”ට කියා සිටියහ.

මාකොළ සතොස වෙත ගිය 15 හැවිරිදි දරුවකු හට උර නොමැති නිසා උර රැගෙන එන ලෙසට පවසා ඔහුව අපහසුතාවයට පත් කළ පුවතක් ඊයේ වාර්තා විය. එම දරුවා හට කලන්තයද සෑදී තිබේ.

පසුව දරුවා සතොස අසල වෙළෙඳ සලකින් උර ඉල්ලා ගෙන ගොස් භාණ්ඩ මිලදී ගෙන ඇත. බොහෝ සතොස වල විදුලිය විසන්ධි වූ විට භාණ්ඩ නිකුත් නොකරන බව ජනතාව පවසති.

එපමණක් නොව බොහෝ සතොස වෙළෙඳ සැල් තුළ සේවය කරන සේවක සේවිකාවන් කිසිදු ප්‍රියමනාප භාවයක් නොමැති බවද ඔවුහු සඳහන් කරති.

රජයේ වගකිවයුතු ස්ථානයක් වන සතොස තුළින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා ගැන වහා සොයා බලන්නැයි වගකිව යුතු බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment