මෙරට ආයෝජන කිරීමට ඩයස්පෝරාව බැහැ කියයි

685

13 වැනි සංශෝධනය මත මෙරට විදේශ ආයෝජන සිදුකිරීම බි‍්‍රතාන්‍යය ඩයස්පෝරාව ප‍්‍රතික්ෂේප කර ඇත.

රජය ස්වයංපාලනයකට එකඟ විය යුතු බව ඩයස්පෝරා බලධාරීන් ප‍්‍රකාශ කර තිබේ. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාවේ ඩයස්පෝරා සංවිධාන 10 ක් මෙරට ආයෝජන සිදුකිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඩයස්පෝරා සංවිධාන දක්වා ඇත්තේ රජය දෙමළ සමූල ඝාතනය පිළිගැනීම සහ උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඇති ප‍්‍රදේශ ලෙස පිළිගත යුතු බවයි.

මේ අතර බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ආරංචි මාර්ග පැවසුවේ ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතාට ඩයස්පෝරාවේ කටයුතු ගැන තීරණයක් ගැනීමට බලයක් පවරා නැති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment