මෙරට ඇෆ්ගන් තානාපති තලේබාන් අතුරු කැබිනට්ටුව පිළිගැනීමට බැහැ කියයි

196

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසුව පිහිටුවනු ලැබූ තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ‍්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපති අෂ්රෆ් හයිදාරි විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

තලේබාන් රජය නීත්‍යනුකූල නොවන බව පවසමින් මෙරට ඇෆ්ගන් තානාපතිවරයා ලිපියකින් ඒ බව ශ‍්‍රී ලංකා රජයට සහ කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රජාවට දන්වා තිබේ.

තාවකාලික කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයකු පත් කරන බව තලේබාන් සංවිධානය පසුගිය සතියේ නිවේදනය කර තිබුණි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment