මෙරට කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් Daraz ආර්යා ශක්ති වැඩසටහන ඇරඹෙයි

140

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රට පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයින් ඇගයීම අරමුණු කර ගනිමින් Daraz Sri Lanka සමාගම විසින්,Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කෙරිණි.

ඊ-වාණිජ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන Daraz Lanka සමාගම මෙම වැඩසටහන මගින්, මෙරට කාන්තාවන් විවිධ ඊ-වාණිජ්‍ය ව්‍යවසායන් හරහා ජනතාවට සහ රටට ජනනය කරන සමාජ, ආර්ථික හා සංස්කෘතික වටිනාකම් හඳුනා ගනිමින්, ඒවා ඇගයීම අරමුණු කරයි.

ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛ අග්නිදිග ආසියාවේ ඊ-වාණිජ්‍යය ක්ෂේත‍්‍රය මෑත කාලීනව ඉතා ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. නමුත් ඊ-වාණිජ්‍යය ක්ෂේත‍්‍රය වෙත කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම යම් අභියෝගාත්මක ක‍්‍රියාවලියක් බවට පත් වී තිබේ. මෙම අභියෝගය ජයගැනීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වන Daraz සමාගම ඊ-වාණිජ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳව කාන්තාවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කරන බව පැවසුවහොත් එය නිවැරදිය.

Daraz ආර්යා ශක්ති වැඩසටහන සඳහා ලියාපදිංචි වන කාන්තා ව්‍යවසායකයින්ට පළමු මාසය තුළ ගාස්තු අය නොකිරීම, දින හතක් ඇතුළත විකුණුම් ආදායම ලබා දීම සහ නොමිලේ ඇසුරුම් ද්‍රව්‍ය ලබා දීම යන වරප‍්‍රසාදයන් ඇතුළු සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට Daraz සමාගම කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment