මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා කාර්මික ඩ්‍රෝන තාක්ෂණය එයි

964

මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා කාර්මික ඩ්‍රෝන තාක්ෂණය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. 1994 වසරේදී අතින් ගෙන යාහැකි මෙවලම් හරහා ගෝලීය ස්ථාපන පද්ධති (Global Positioning Systems) හඳුන්වා දුන් සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (SiT) සමාගම මෙසේ මෙම තාක්ෂණය හඳුන්වා දෙන අතර, ගෝලීය ස්ථාපන පද්ධති, භූගෝලීය තොරතුරු පද්ධති සහ රජයේ ආයතන සහ වෙනත් ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාර සඳහා සන්නිවේදන විසඳුම් පිරිනමමින් ඉදිකිරීම්, වාරිමාර්ග සහ හමුදා කටයුතු සඳහා කාර්මික ඩ්‍රෝන අත්හදා බැලූ සහ ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සමාගම වෙයි. ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ඩ්‍රෝන නාශක තාක්ෂණය සහ ප‍්‍රතිරෝධි විසඳුම් ලබාදීමේ මෙරට පුරෝගාමී සමාගමක් ද වෙයි. තවද, දිවයින පුරා කෘෂිකාර්මික ඉසීම් සේවා (Agricultural Spraying Services) සාර්ථකව හඳුන්වා දෙමින් කෘෂිකර්මාන්තය ඇතුළු මෙරට ප‍්‍රධාන පෙළේ කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට ද කටයුතු කර ඇත.

 චීනයේ ලොව ප‍්‍රමුඛතම ඩ්‍රෝන නිෂ්පාදකයා වන Dà-Jiang Innovations (DJI) සමාගම සමග 2017 වසරේදී හවුල්කාරිත්වයකට එළඹෙමින් භූගෝලීය තොරතුරු විසඳුම් (GIS)  තවදුරටත් පුළුල් කිරීමට සුමති හෝල්ඩින්ග්ස් සමූහය සමත්ව සිටී.

 කෘෂිකර්මාන්තය වැනි දේශීය කර්මාන්ත සඳහා ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීම තුළින් ගොවි ජනතාවගේ කාලය ඵලදායී ලෙස යොදා ගැනීමටත්, අස්වනු කළමනාකරණය කරගැනීමටත් අවස්ථාව සැලසෙන අතර වගාවට මීටර 30ක පමණ ඉහළින් සිට සත්කාර කිරීමට සහ වගාවේ වර්ධන අවදියේදී  බිම් මට්ටමේ සිට ඒවාට අවශ්‍ය සත්කාර සිදු කිරීමට ද හැකිවන බැවින් එම තාක්ෂණය සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තයට විශාල ප‍්‍රතිලාභ රැුසක් හිමිකර දෙයි. ඩ්‍රෝන මගින් ලබාදෙන ඉහළ ගුණාත්මක බවින් යුතු කලාපීය සිතියම් අනාගත පරිහරණයට සහ වගා සැලසුම් කිරීමට ඉතා වැදගත් වේ. දුරස්ථව වගා සහ පශු සම්පත් අධීක්ෂණය කිරීම මෙන්ම විවිධ මාත‍්‍රා සමගින් ඉලක්කගත පෝෂණ හෝ පළිබෝධනාශක යෙදවීම මගින් අවම යෙදවුම් ප‍්‍රමාණයකින් උපරිම ලාභ උපයා ගැනීමට හැකි වේ.

 NASA ආයතනය මගින් නිර්මාණය කරන ලද NDVI තාක්ෂණය හරහා පැළයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මිනිසාගේ ඇසට වඩාත් පැහැදිලිව නිරූපණය කරන ඡායාරූප ලබාගත හැකි බැවින් වගාව පිළිබඳ නිවැරදි තක්සේරුවකට එළඹිය හැකිය. මෙමගින් False-Colour අනුරූපණය බැහැරකර අපතේයෑම අවම කරයි. තවද, වල්පැළ, රෝග සහ කෘමි උවදුරු නියමිත කාලයේදී හඳුනාගෙන වගාව වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට සහ ආරක්ෂා කර  ගැනීමට හැකි වේ.

 ”නව තාක්ෂණය සහ ප‍්‍රවේශ සමගින් ඉදිරියට ගමන් කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටුවනවා. පසුගිය දශකයක කාලය පුරා තාක්ෂණය බෙහෙවින් වෙනස් වී ඇති බැවින් අප කර්මාන්ත මගින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කළ යුතුයි. ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම හරහා ඵලදායීතාව වර්ධනය කර ඉහළ ලාභයක් උපයාගත හැකිවන පරිදි ඵලදායී ලෙස සම්පත් ප‍්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබෙනවා,” යනුවෙන් සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ච¥ සුමතිපාල මහතා සඳහන් කළේය.

 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment