මෙරට කොරොනා මරණ දොලොස් දහට ළංවේ

418

කොරෝනා මරණ 121 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ ඊයේ (16දා) සහතික කළ ඒවාය.මේ අනුව දැනට දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි අඩුවීමක් දක්නට ලැබේ.
කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි
ප‍්‍රතිකාර ලැබූවන් 1,186 ක් අද සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 429,776කි.
එසේම තවත් කොරෝනා ආසාදිතයින් 1278 ක් ද අදවාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 497,341කි.

advertistmentadvertistment
advertistmentadvertistment