මෙරට කොරෝනා මරණ අනුපාතය සියයට 1.5 ඉක්මවයි

326

මෙරට කොරෝනා මරණ අනුපාතය ප‍්‍රථම වරට සියයට 1.5 ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඊයේ (08දා)  උදෑසන වන විට මෙරට කොරෝනා මරණ අනුපාතය පැවතියේ සියයට 1.53ක් වශයෙනි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් 100 කින් එක් අයකුට වඩා මදක් වැඩි සංඛ්‍යාවක් මියයන තත්ත්වයක් උද්ගතව තිබේ. අසල්වැසි ඉන්දියාවේ ඊයේ වන විට කොරෝනා මරණ අනුපාතය වූයේ සියයට 1.34 කි.

මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 233ක් වන අතර කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15,156ක් බව ගෝලීය කොරෝනා ආසාදනය පැතිරෙන රටවල දත්ත වාර්තා සඳහන් කරන ‘වර්ල්ඩෝමීටර්’ වෙබ් අඩවිය සඳහන් කරයි. මෙරට ජනගහනයෙන් මිලියනයකට සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 205.131 ක් බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒමන්ති මාරඹේ

 

advertistmentadvertistment
advertistmentadvertistment