මෙරට කොරෝනා මරණ අනුපාතිකය සියයට 2.5 ඉක්මවයි

186

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකය මේ වන විට සියයට 2.5 ඉක්මවා ඇති බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එම දත්ත වාර්තාවලට අනුව පෙරේදා (16දා) වනවිට මෙරට කොරෝනා මරණ අනුපාතිකය සියයට 2.54 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයන් 100 දෙනකුගෙන්ම දෙදෙනකු මියයන තත්ත්වයක් පවතින බව හෙළි වී තිබේ.

ඊයේ වන විට ගෝලීය කොරෝනා මරණ අනුපාතය පැවතියේ සියයට 2.01 ක් වශයෙන් වන අතර අසල්වැසි ඉන්දියාවේ කොරෝනා මරණ අනුපාතිකය සියයට 1.33ක් වශයෙන් පැවතිණි. මේ වන විට මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 626ක් වන අතර වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,668 ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරට කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ අනුපාතය සියයට 92.7කි.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment