මෙරට ජනගහනයට අවශ්‍ය එන්නත් තොග ඔක්තෝබර් මාසය වන විට ලැබෙනවා – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන

337

මෙරට ඉලක්කගත ජනගහනයට කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ලබන ඔක්තෝබර් මාසය වනවිට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පාසල් ළමුන්ටද මෙම එන්නත ලබාදීමට නිර්දේශ කර ඇතැයි පැවසූ හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

”අපි මූලිකව අවුරුදු 30 ට වඩා වැඩි අයට එන්නත් ලබාදීමට තීන්දු කළා. ඊට පසු අවුරුදු 18 දක්වා දීර්ඝ කළා. එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුවෙන් පාසල් යන ළමයින්ට මේ එන්නත් ලබාදීම සඳහා නිර්දේශ කරලා තිබෙනවා. ඉදිරියේදී ඒ අය නිර්දේශය සම්පූර්ණ කරයි. මෙරට සම්පූර්ණ ජනගහනය ගත්විට අවුරුදු 30 ට වැඩි පිරිස මිලියන 11.5 ක්. ඊට පස්සේ 18 දක්වා වෙනකොට මිලියන 14.5ක් වෙනවා. පාසල් යන ළමයි කණ්ඩායම එකතු කළ විට මෙය මිලියන 17.5ක් දක්වා වැඩිවෙනවා. එතකොට ලංකාවට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප‍්‍රමාණය මිලියන 17.5 දෙකෙන් ගුණකළ විට මිලියන 35.5 පමණ ප‍්‍රමාණයක් වෙනවා.

එන්නත් මිලියන 22 ක් අද වනවිට ලංකාවට ලැබිලා තිබෙනවා. තවත් අපිට මිලියන 13 ක පමණ අවශ්‍ය වෙනවා මේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. එයින් මිලියන 8 ක් සැප්තැම්බර් මාසය තුළ සයිනොෆාම් එන්නතෙන් ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ දී තවත් මිලියන 4 ක් ෆයිසර් එන්නතෙන් ලැබෙනවා.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment