මෙරට ජනතාවගේ පෝෂණයට ඔස්ටේ්‍රලියාවෙන් ඩොලර් මිලියන 50 ක්

117

ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 50 ක ආධාරයක් ලබාදීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර ඇත.

මෙම ආධාර මුදල් එරට “නිල සංවර්ධන සහයෝගිතාව” යටතේ ලබාදෙන බව ඔස්ටේ්‍රලියානු විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බවත් ඒ හේතුවෙන් ආහාර, ඖෂධ හා ඉන්ධන හිඟයක් ඇතිවී තිබෙන බවත් එහි සඳහන් වෙයි.

මෙම ආධාර මුදලින් ඩොලර් මිලියන 22 ක් ලෝක ආහාර වැඩසටහන යටතේ හිමිවන අතර තවත් ඩොලර් මිලියන 22 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ලබාදීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment