මෙරට ජාවාරාමෙකුටදීමට ගෙනා කෝටි 150 ක මත්කුඩු මුහුදේදී අත්අඩංගුවට – ඉරාන ජාතිකයෝ 9කුත් දැලේ

107

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 150 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් මාලදිවයිනට ආසන්න ගැඹුරු මුහුදේදී නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පෙරේදා (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය රැුගෙන එමින් සිටි ඉරාන ජාතිකයන් නව දෙනාද සමග බහුදින ධීවර යාත‍්‍රාවද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පිරිස රැුගත් නාවික හමුදා යාත‍්‍රා ඊයේ වන විටත් ගැඹුරු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ අතර එම පිරිස ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට නියමිතව ඇත්තේ ලබන බදාදා (15 දා) බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත නාවික හමුදාවේ ද සහාය මත කළ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙපාර්ශ්වයක් අතර කාලයක පටන් පවතින ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම හෙරොයින් තොරගය පිළිබඳ තොරතුරු ලැබී තිබූ බවද පොලිසිය පවසයි.

මීට දින කීපයකට උඩදීද මේ ආකාරයටම ශී‍්‍ර ලංකාවට රැුගෙන එමින් තිබූ රුපියල් කෝටි 350 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව සමත් විය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment