මෙරට ණය අර්බුදය විසඳා ගන්න ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාර

70

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඉන්දීය රජය විසින් සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බව හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.

අනිද්දා (19දා) මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මේ පිළිබඳව රජය දැනුවත් කරනු ඇත. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ දෙදින නිල සංචාරයේදී බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, වර්තමාන විනිමය හුවමාරු ණය පහසුකම් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙයි.

මෙරටට බලපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලික අරමුණ බව හින්දු පුවත්පත කියයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාව පසුගිය වසරේදී විනිමය හුවමාරු ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment